Last Update  :  2024-05-18 14:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා නැඟීඑන පන්දු යවන්නෝ අසරණ වෙති

ශ්‍රී ලංකා නැඟීඑන පන්දු යවන්නෝ අසරණ වෙති

editorial - 2019 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු නැඟීඑන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම අතර ප්‍රිටෝරියාහිදී අද (25 වැනිදා) ආරම්භවූ දෙවැනි සිවුදින තරගයේ පළමු දිනය අවසන් වනවිට සිය පළමු ඉනිම සඳහා පන්දු පහරදෙමින් සිටි දකුණු අප්‍රිකානු නැඟීඑන කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 321 ක් රැස්කර සිටියේය.

රෙනාඞ් වැන්ටොන්ඩර් ලකුණු 122 ක් සහ සිනෙතෙම්බා කුෂිල් ලකුණු 87 ක් රැස්කරමින් කඩුල්ලේ රැඳී සිටින අතර 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 148 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු නැඟීඑන කණ්ඩායම් ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.

පන්දු 242 කට මුහුණදී ඇති රෙනාඞ් වැන්ටොන්ඩර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 12 ක් ඇතුළත්ව ඇති අතර සිනෙතෙම්බා කුෂිල් පන්දු 87 කට මුහුණදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සිය ඉනිමට එක්කර ගෙන සිටියේය.

ජේසන් ස්මිත් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 80 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද රෙනාඞ් වැන්ටොන්ඩර් සමත්විය.

ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායමේ නායකයා පන්දු යවන්නන් 7 දෙනෙකු පන්දු යැවීම සඳහා යොදාගත්තද සාර්ථක ප්‍රතිඵල නෙලාගැනීමට ඔවුන් අපොහොසත් වූහ. ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 ක් දවාගත්තද ලකුණු 102 ක් ලබාදුන් ඔහු දකුණු අප්‍රිකානු නැඟීඑන කණ්ඩායමේ පිතිකරුවන් හමුවේ දැඩි ප්‍රහාරයට ලක්විය. ජෙහාන් ඩැනියල් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

දකුණු අප්‍රිකානු නැඟීඑන කණ්ඩායම් පළමු ඉනිම - 321/4
(ජානේමාන් මාලන් 35, වැන්ඩිල් මක්වෙටු 25, රෙනාඞ් වැන්ටොන්ඩර් නොදැවී 122, ජේසන් ස්මිත් 34, සිනෙතෙම්බා කුෂිල් නොදැවී 87, ලසිත් ඇඹුල්දෙණිය 102/3)


අදහස් (0)

ශ්‍රී ලංකා නැඟීඑන පන්දු යවන්නෝ අසරණ වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.