ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (4 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී මැලේසියාවට එරෙහිව ලකුණු 90 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ අනුව ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී මෙතෙක් සහභාගි වූ තරග දෙකෙන්ම ජය ලබා සිටියි.
ජයග්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය මැලේසියානු කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 47 ක් පමණි. එහිදී ලකුණු 10 සීමාව පසුකර යෑමට හැකි වූයේ මැලේසියානු පිතිකාරිණියන් දෙදෙනකුට පමණි. පිතිකාරිණියන් 5 දෙනෙක්ම ලකුණු 5 කටත් අඩුවෙන් දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ නිලක්ෂි ද සිල්වා ලකුණු 13 කට කඩුලු 3 ක් දවාගනිමින් මැලේසියානු ඉනිම අඩපණ කළාය. එහිදී නායක ශෂිකලා සිරිවර්ධන ලකුණු 12 කට කඩුලු 12 ක් දවාගත්තේ නිලක්ෂිට අනගි සහායක් දෙමිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 136 ක් ලබාගත් අතර ආරම්භක පිතිකාරිණියන් වූ යසෝදා මෙන්ඩිස් (36) සහ නිපුනි හංසිකා (20) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 29 කට මුහුණදුන් යසෝදා හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසුවාය.
පන්දු 25 කට මුහුණදුන් අනුෂ්කා සංජීවනී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 26 ක් රැස්කළ අතර අවසන් ඕවර කිහිපයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ හසිනි පෙරේරා පන්දු 27 කදී නොදැවී ලකුණු 32 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 136
(යසෝදා මෙන්ඩිස් 36, නිපුනි හංසිකා 20, අනුෂ්කා සංජීවනි 26, හසිනි පෙරේරා 32)
මැලේසියානු කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 49
(ක්‍රිස්ටිනා බැරට් 14, නිලක්ෂි මෙන්ඩිස් 13/3, ශෂිකලා සිරිවර්ධන 12/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.