Last Update  :  2024-04-30 19:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඓතිහාසික ජයක් ලබති
3 වැනි වි20 තරගය

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඓතිහාසික ජයක් ලබති

editorial - 2024 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සමත් වූහ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ඕනෑම ආකෘතියක ක්‍රිකට් තරගාවලියකදී දකුණු අප්‍රිකාව පරාජය කළ පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 156 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ, පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. නායිකා චමරි අතපත්තු (73) සහ හර්ෂිතා සමරවික්‍රම (නොදැවී 54) එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 69 කදී ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයටම ගෙන ගියහ. 

එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ චමරි පන්දු 46 කදී ලබාගත් සිය අර්ධ ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 7 කින් සැරසූ අතර පන්දු 43 කදී වාර්තා වූ හර්ෂිතාගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය. නිලක්ෂි ද සිල්වා පන්දු 6 කින් ලකුණු 12 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් ලබාගත් අතර නායිකා ලෝරා වුල්වාඞ්ට් පන්දු 47 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 56 ක් රැස්කළාය. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගයෙන් ලකුණු රැස්කළ නැඩින් ඩි’ක්ලර්ක් පන්දු 25 කින් නොදැවී ලකුණු 44 ක් රැස්කලේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. 


දකුණු අප්‍රිකානු කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 155 
(ලෝරා වුල්වාඞ්ට් 56, ඇනීක් බොස්ච් 27, නැඩින් ඩි’ක්ලර්ක් නොදැවී 44, සුගන්දිකා කුමාරි 24/3) 

ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 19.1 කදී කඩුලු 6 කට 156
(චමරි අතපත්තු 73, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 54, නිලක්ෂි ද සිල්වා 12, නැඩින් ඩි’ක්ලර්ක් 25/2) 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඓතිහාසික ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.