ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර ධූරය සඳහා චරිත් සේනානායක මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (24 වැනිදා) පියවර ගෙන තිබේ. හෙට (25 වැනිදා) සිට සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා මෙම පත්කිරීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර ධූරය දැරූ චරිත් සේනානායක මහතා මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේ අනුශූරයන්වූ 2012 වසරේදී පැවැති ලෝක කුසලාන විස්සයි20 තරගාවලියේදිද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකාර ධුරය දැරීය.
ටෙස්ට් තරග 3 කදී සහ එක්දින තරග 7 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමටද චරිත් සේනානායක මහතා අවස්ථාව උදාකරගෙන ඇත.
බටහිර ඉන්දීය සංචාරයේදී ක්‍රීඩාවේ ජීවගුණයට හානී කළේ යැයි පවසමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නැගූ චෝදනාවට වරදකරුවකු වීම හේතුවෙන් හිටපු කළමණාකරු අසංක ගුරුසිංහ මහතා ටෙස්ට් තරග 2 ක සහ එක්දින තරග 4 ක තහනමකට ලක්විය.
තමා උසස් දස්කම් මධ්‍යස්ථාන කළමණාකරු වශයෙන් පත්කර ඇති බවත්, දකුණු අප්‍රිකානු තරගාවලියෙන් පසුව එම තනතුරේ වැඩ බාරගන්නා බව අසංක ගුරුසිංහ මහතා විසින් කෙළිමඬල කළ විමසුමකදී පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.