Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම යාවත්කාලීන කිරීම අනුව මීළඟ ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් පෙළ ගැස්වෙන ලෝක කුසලාන සුපිරි ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ පතුළටම ශ්‍රී ලංකා කණ්ඩායම වැටී තිබේ. ලෝක කුසලාන සුපිරි ලීගයට අයත් තරග තුනකට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග තුනම පරාජය වීම හේතුවෙන් ප්‍රසාද ලකුණු කිසිවකට හිමිකම් නොකියයි.
නියමිත කාලය තුළ ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත් වීම නිසා දඬුවම් ලකුණු දෙකකටද මුහුණ දී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඊළඟ තරගය ජයගත්තද හිමිවන්නේ ප්‍රසාද ලකුණු 10 ක් නොව ප්‍රසාද ලකුණු 8 කි.
ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය යනු වසර 2019 දී පැවැති ලෝක කුසලාන තරගාවලියට පසුව ලෝකයේ එක්දින කණ්ඩායම් අතර තරගකාරීත්වය වර්ධනය කිරීමට සැලසුම් කරන ලද තරගාවලියකි. මෙම තරගාවලිය නිමාවේදී මීළඟ ලෝක කුසලාන තරගාවලිය, එනම් වසර 2023 දී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට සහභාගි වන්නේ කුමන කණ්ඩායම්ද යන්න තීරණය කෙරෙනු ඇත.
සත්කාරක රට වන ඉන්දියාවද ඇතුළුව ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින රටවල් 8 පමණක් වසර 2023 ලෝක කුසලාන තරගාවලියට සෘජුවම එක්වනු ඇත.
ඊට පහළින් තිබෙන කණ්ඩායම් 5 අතරේ සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පැවැත්වෙනු ඇත. එයට ‘ලෝක කුසලාන ෂෂ වැනි ලීගයේ’ කණ්ඩායම් මෙන්ම ඊට පහළින් ඇති ‘ලෝක කුසලාන අභියෝග’ තරගාවලියේ කණ්ඩායම්ද එකතු වනු ඇත. මෙම තත්ත්වය මත, කිසියම් ද්විපාර්ශ්වික තරගාවලියක් ජයගත්තද නැතහොත් පරාජය වුවද ඉතිරි තරග වලදීත් උපරිම ශක්ති ප්‍රමාණයෙන් ක්‍රීඩා කිරීමට කණ්ඩායම් සියල්ලටම සිදුවනු ඇත. මක්නිසාද යත් සෑම තරගයකදීම ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ප්‍රසාද ලකුණු 10 අවසාන ප්‍රතිඵලය කෙරේ බලපෑමක් ඇතිකරන බැවිනි.
ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියට කණ්ඩායම් 13 ක් සහභාගී වේ. මේ වන විට ටෙස්ට් වරම් හිමි රටවල් 12 ට අමතරව වසර 2017 දී ලෝක ක්‍රිකට් ලීග් ශූරතාව (ටෙස්ට් වරම් අහිමි රටවල් අතර තරගාවලිය) දිනා ගැනීමෙන් නෙදර්ලන්තය 13 වන කණ්ඩායම ලෙස තම ස්ථානය දිනා ගත්තේය.
සුපර් ලීග් තරගාවලියේදී සෑම කණ්ඩායමක්ම තවත් කණ්ඩායම් අටකට එරෙහිව එක්දින තරග 3 ක් බැගින් ක්‍රීඩා කරයි. මේවායින් තරගාවලි හතරක් තමන්ගේ රටේදී පැවැත්වෙන අතර ඉතිරි තරගාවලි හතර ප්‍රතිවාදීන්ගේ රටේදී පැවැත්වේ. ඒ අනුව සෑම කණ්ඩායමක්ම එක්දින තරග 24 ක් ක්‍රීඩා කරන අතර එමඟින් 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා ප්‍රසාද ලකුණු ලබාගත හැකිය.
සුපර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කරන සාමාජික රටවල් අතර පැවැත්වෙන අනාගත සංචාර වැඩසටහනට අනුකූලව මෙම තරගාවලිය ක්‍රියාත්මක වේ. තවත් අතකින් මෙම තරගාවලිය, එනම් සුපිරි ලීග් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට සමාන කමක් දක්වයි.
සෑම කණ්ඩායමකටම ජයග්‍රහණය සඳහා ලකුණු 10 ක්, ලකුණු සම වූ තරගයක් වෙනුවෙන් දෙපිලටම ලකුණු 5 ක් බැගින් හිමිවේ. පරාජය වීමකදී සහ තරගය අතහැර දැමූ අවස්ථාවකදී ලකුණු නොලැබේ. එහෙත් නියමිත කාලය තුළදී ඕවර 50 යැවීමට අපොහොසත් වන කණ්ඩායමකට එසේ මඟ හැරෙන ඕවරයකට එකක් බැගින් දඬුවම් ලකුණු හිමිවේ. ප්‍රසාද ලකුණු වලින් මෙම දඬුවම් ලකුණු අඩු කෙරෙනු ඇත.
ඇතැම් අවස්ථාවලදී පැවැත්වෙන ද්විපාර්ශ්වික තරගාවලිවලට එක්දින තරග 4 ක් හෝ 5 ක් ඇතුළත් වේ නම් සුපිරි ලීග් තරගාවලිය සඳහා සලකා බලනු ලබන්නේ කලින් තීරණය කළ තරග තුනක් පමණි. එහෙත් මෙම සෑම එක්දින තරගයක්ම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම සඳහාත් යොදා ගැනේ.
සුපර් ලීග් තරගාවලිය 2020 මැයි 1 වන දින ආරම්භ වී 2022 මාර්තු 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි. එහෙත් ගෝලීය වසංගතය හේතුවෙන් නෙදර්ලන්තය හා පාකිස්තාන තරඟ ඇතුළු ජූලි මාසයේ පැවැත්වෙන තරග කිහිපයක්ම කල් දැමීමට සිදුවිය. ඇතැම් තරගාවලි සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා කෙරෙමින් පවතී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.