Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා - ද. අප්‍රිකා නැගීඑන දෙවැනි තරගය හෙට

ශ්‍රී ලංකා - ද. අප්‍රිකා නැගීඑන දෙවැනි තරගය හෙට

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල සහ සංචාරක දකුණු අප්‍රිකානු නැඟීඑන ක්‍රිකට් පිල අතර තරග දෙකකින් සමන්විත සිවුදින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (02) ආරම්භ වේ.

මෙම තරගාවලියේ පළමු තරගයෙන් කෞෂාල් සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල කඩුලු 4 ක ජයක් ලැබීය.

දකුණතින් පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ, වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දු සහ ඉදිරි පෙළ පිතිකරුවකු වන සදීර සමරවික්‍රම මෙම තරගයට සහභාගි වන ශ්‍රී ලංකා නැඟීඑන සංචිතයට කැඳවා සිටිති.  

කටුනායකදී පැවැති පළමු තරගයට සහභාගි වූ මාලින්ද පුෂ්පකුමාර, මනෝජ් සරත්චන්ද්‍ර සහ දිලේෂ් ගුණරත්න සංචිතයෙන් ඉවත් කර තිබේ.


ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල:
කෞෂාල් සිල්වා (නායක), චරිත් අසලංක (උප නායක), මාධව වර්ණපුර, පැතුම් නිස්සංක, සම්මු අෂාන්, ජෙෆ්රි වැන්ඩසේ, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, ළහිරු ගමගේ, සදීර සමරවික්‍රම, නිසල තාරක සහ හසිත බෝයගොඩ

දකුණු අප්‍රිකනු නැඟීඑන ක්‍රිකට් පිල:
ටෝනි ඩී සෝසි (නායක), රයන් රිකල්ටන්, කාගිසෝ රාපුලානා, රේනාඞ් වෑන් ටොන්ඩර්, මැතිව් බි්‍රටිෂ්කි, ෂිපාන්ග් දිතෝලි, ඊතාන් බොස්ච්, ඔන්කි යාකු, ජුනයිඞ් ඩාවුඞ්, නන්ද්‍රි බර්ගර්, ලුතෝ සිපම්ලා

 


අදහස් (0)

ශ්‍රී ලංකා - ද. අප්‍රිකා නැගීඑන දෙවැනි තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.