මාතර ශාන්ත සර්වේෂස් විදුහල සහ මාතර ශාන්ත තෝමස් විදුහල අතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 118 වැනි ‘රුහුණු මහ නිල් සටන’ වාර්ෂික ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (23 වැනිදා) ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම ලකුණු 158 කට සීමා කිරීමට ශාන්ත සර්වේෂස් පන්දු යවන්නෝ සමත් වූහ.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශාන්ත සර්වේෂස් විදුහලේ ශෂික දුල්ෂාන් ලකුණු 56 කට කඩුලු 7 ක් දවාගනිමින් ශාන්ත තෝමස් පළමු ඉනිම සුනුවිසුණු කර දැමීය. ශාන්ත තෝමස් පිතිකරුවන් පීඩනයට පත් කිරීම සඳහා දුල්ෂාන්ට අනගි සහායක් දුන් සුපුන් කාවින්ද ලකුණු 26 කට කඩුලු 2 ක් බිඳහෙළීය.
කාසියේ වාසිය දිනූ ශාන්ත සර්වේෂස් නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශාන්ත තෝමස් විදුහලට ආරාධනා කර සිටි අතර එහිදී ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගැනීමට ළහිරු දිල්ෂාන් (60) සමත් විය.
පළමු දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ශාන්ත සර්වේෂස් විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 63 ක් ලබා සිටි අතර ඒ වන විට පුෂ්පිත දිල්ෂාන් ලකුණු 23 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.
හෙට (24 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.
ශාන්ත තෝමස් විදුහල - ඕවර 68.5 කදී සියලු දෙනා දැවී 158
(ළහිරු දිල්ෂාන් 60, ශෂික දුල්ෂාන් 56/7, සුපුන් කාවින්ද 26/2)
ශාන්ත සර්වේෂස් විදුහල - ඕවර 19 කදී කඩුලු 2 ක් දැවී 63
(පුෂ්පිත දිල්ෂාන් නොදැවී 23, සුපුන් කාවින්ද 22)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.