Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අවසන් පූර්ව වටය ආරම්භ කරමින් කොළඹ වෙස්ලි විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල හෙට (24) කොළඹදී තරග බිමට පිවිසීමට නියමිතය.
‘සී’ කාණ්ඩයේ ශූරයන් ලෙස පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් වෙස්ලි විදුහල, එහිදී කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
‘බී’ කාණ්ඩයේ අනුශූරයන් ලෙස පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ශාන්ත අන්තෝනි විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ එහිදී පානදුර සුමංගල විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමිනි.
වෙස්ලි විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ඩෘ පාරිස් කටයුතු කරන අතර ශාන්ත අන්තෝනි විදුහල් කණ්ඩායමේ නායකයා කණිෂ්ක උග්ගල්පාය ලෙස කටයුතු කරයි.
වෙස්ලි විදුහල් සංචිතය -
ඇන්ඩෘ පාරිස් (නායක), සෙනිත් වික‍්‍රමනායක (උප නායක), තිසුලක අක්මීමන, තිළිණ පෙරේරා, ශමෝද් ඇතුළත්මුදලි, ජේසන් ද සිල්වා, හේලිත බඹරින්ද, ශානුක මධුෂාන්, යොඒෂ් රණසිංහ, රුචික දංගල්ල, මොවින් සුභසිංහ, නිමේන්ද්‍ර කස්තුරිආරච්චි, චරිත් ද සිල්වා, හසික පෙරේරා, වසන්ත කස්තුරිආරච්චි (කී‍්‍රඩා භාර ආචාර්ය) සහ ඕ. එස්. සී. පෙරේරා (පුහුණුකරු)
ශාන්ත අන්තෝනි විදුහල් සංචිතය -
කණිෂ්ක උක්ගල්පාය (නායක), මොහොමඞ් අල්ෆාර් (උප නායක), කවින්ද යාපා බණ්ඩාර, ලක්ජීව විජේබණ්ඩාර, ප‍්‍රසාද් පේ‍්‍රමරත්න, සඳරුවන් ධර්මරත්න, ඩෙවෝන් ස්ටොවුටර්, සුනීර ජයසිංහ, ජිනිඳු හිමාෂ, තීක්ෂණ ගුණසිංහ, විරාජත ජයසිංහ, මෝක්ෂණ වික‍්‍රමනායක, සතීෂ් වික‍්‍රමාරච්චි, තමාශන අබේකෝන්, ඩිලංක විජේරත්න, ලෙනින් ජයසිංහ (කී‍්‍රඩා භාර ආචාර්ය) සහ ප‍්‍රසාද් රණවක (පුහුණුකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.