කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සහ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) ආරම්භවූ 22 වැනි ‘ශ්‍රී ජයවර්ධනපුර හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වනවිට පන්දුවට පහරදෙමින් සිටි ආනන්ද ශාස්ත්‍රාලය පළමු ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 73 ක් රැස්කර සිටියේය.
කාසියේ වාසිය දිනාගත් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය පළමුව පන්දුවට පහරදීම සදහා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට ආරාධනා කළ අතර සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 188 ක් පමණි.
නුරාජ් ප්‍රසන්න (81) අර්ධ ශතකයක් රැස්කරමින් ශාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වුවද අනෙක් පිත්කරුවන් ආසාර්ථක වීම හේතුවෙන් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා විය.
ආනන්ද ශාස්ත්‍රාලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ වෙනුක් හෙට්ටිආරච්චි ලකුණු 28 කට කඩුලු 6 ක් දවාගනිමින් ශාන්ත ජෝන් විද්‍යාලය අසරණ කිරීමට සමත්විය. වෙනුක් හෙට්ටිආරච්චිට අනගි සහයක් ලබාදුන් ඉසුරු අවින්ද ලකුණු 58 කට කඩුලු 3 ක් දවාගත්තේය.
හෙට (7 වැනිදා) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
ශා. ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 65.5 කදී සියලුදෙනා දැවී ලකුණු 188
(නුරාජ් ප්‍රසන්න 81, සංජය තෙල්වකුමාර 36, වෙනුක් හෙට්ටිආරච්චි 28/6, ඉසුරු අවින්ද 58/3)
ආනන්ද ශාස්ත්‍රාලය - පළමු ඉනිම - ඕවර 22 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 73
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.