බලපිටිය රේවත විද්‍යාලය සහ බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය අතර 30 වැනි ‘‘වීර සටන’’ වාර්ෂික ක‍්‍රිකට් තරගය බලපිටිය සිද්ධාර්ථ විදුහල් ක‍්‍රීඩාංගණයේ දී අපේ‍්‍රල් මස 1 සහ 2 යන දිනවල පැවැත්වේ.
‘‘වීර සටන’’ ක‍්‍රිකට් වංශ කතාවේ දී රේවත විද්‍යාලය පෙරමුණේම සිටිනුයේ පැවැති තරග 29 න් තරග 8 ක් ජයගනිමින් ප‍්‍රතිවාදී විදුහලට කිසිදු ජයක් ලබාගැනීමට ඉඩප‍්‍රස්ථාව ලබා නොදෙමිනි. තරග 21ක්ම ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ. ගෙවී ගිය වසර තුනේම (2013, 2014 සහ 2015) පිට පිටම තරගවල ජය වාර්තා කරගෙන ඇත්තේ ද රේවත විදුහලයි.
රේවත විදුහල මෙන්ම සිද්ධාර්ථ විදුහලෙන්ද මේ වනවිට මෙරට ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දෙදෙනකු බිහිකර තිබේ. රේවත විදුහලෙන් පැමිණි සීක්කුගේ ප‍්‍රසන්නද සිද්ධාර්ථ විද්‍යාලයෙන් පැමිණි තිලාන් තුෂාර මිරැන්ඩෝද ශ්‍රී ලංකා පිල නියෝජනය කළහ.
රේවතයට නව වැනි ජය හිමිකරදීමේ අරමුණින් අශාන් චතුරංග රේවත විද්‍යාල කණ්ඩායම මෙහෙයවයි. සිය විදුහලට මංගල ජය හිමිකරදීමේ අරමුණින් නිශාන් ප‍්‍රියංකර සිද්ධාර්ථ විද්‍යාල කණ්ඩායම මෙහෙයවයි.
II වැනි පෙළ යටතේ තරගවදින රේවත විදුහල් කණ්ඩායම මේ තරග වාරයේ දී තරග 11 කට සහභාගි වී ඉන් පූර්ණ ජයග‍්‍රහණ දෙකක් ද පළමු ඉනිමේ ජයග‍්‍රහණ තුනක්ද අත්කරගත් අතර තරග 2 ක් පරාජය වී තිබේ. තරගයක් ජය පරාජයෙන් තොරව ද නිමාවට පත්කරගෙන තිබේ.
III වැනි පෙළින් යටතේ තරගවදින සිද්ධාර්ථ විදුහල මේ තරගවාරයේ දී තරග 9කට සහභාගි වී පූර්ණ ජයග‍්‍රහණ තුනක් ද පළමු ඉනිමේ ජයග‍්‍රහණ තුනක් ද ලබා ඇත.
රේවත විදුහලේ මෙන්ම සිද්ධාර්ථ විදුහලේ ද තුන් ඉරියව් දක්ෂතා ඇති ක‍්‍රීඩකයන් රැසක්ම සිටින බැවින් මෙවර තරගය දෙවිදුහල අතර කරට කර තරගයක් විය හැකිය.
රේවත විදුහල් කණ්ඩායම
පළමු පෙළ වමේ සිට ආමින්ද චෙහාන්, අශාන් චතුරංග (නායක), අංජන රුක්ෂාන් (ක‍්‍රීඩාභාර ආචාර්ය), ඞී. සිිරිනන්ද (විදුහල්පති), දීපාල් නිලන්ත (පුහුණුකරු), පහන් මධුවන්ත (උපනායක), මොහොමඞ් ඉස්රන්
දෙවන පෙළ වමේ සිට - චමෝද් දේශාන්, කසුන් කුමාර, ශිහාන් හංසක, විරාජ් මධුසංඛ, දිමුතු කුමාර, රුමේෂ් මධුසංඛ, සදීප් දේවින්ද, තිවංකද සොයිසා.
තෙවන පෙළ වමේ සිට - මල්ෂ අශේන්, කවිදු කල්හාර, අවිශ්ක දිල්ශාන්, තරිඳු ලක්ෂාන්, ගිම්හාන් ධනුෂ්ක.
සිද්ධාර්ථ විදුහල් කණ්ඩායම
ඉදිරි පෙළ වමේ සිට - දර්ශන පුෂ්පකුමාර (උපනායක), රවීන්ද්‍ර ප‍්‍රභාත් (පුහුණුකරු), උපුල් ඉන්ද්‍රජිත් (ක‍්‍රීඩාභාර ආචාර්ය), ජනිත ලාල් ද සිල්වා (විදුහල්පති), අනිල් ප‍්‍රියන්ත (ක‍්‍රීඩාභාර ආචාර්ය), නිශාන් ප‍්‍රියංකර (නායක), සුජිත් මධුෂංඛ.
දෙවන පෙළ වමේ සිට - දෙනත් ඩිනාල්, දේදුනු බණ්ඩාර, මියුරු දිල්ෂාන්, ලක්ෂාන් මධුරංග, තරිදු මධුසංඛ, කවිදු කල්හාර.
තෙවන පෙළ වමේ සිට - රුවන්ත ප‍්‍රසාද්, මධුසංඛ ද සිල්වා, උෂාන් ජයවීර, රන්දුනු ලක්ෂාන්, තීක්ෂණ සංජීව, සිතුම් උදයංග, සඳුන් සමීර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.