Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විනිසුරු මඬුල්ලට 6 දෙනෙක්

විනිසුරු මඬුල්ලට 6 දෙනෙක්

editorial - 2021 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ විනිශ්චයකරුවන්ගේ මඬුල්ලට විනිසුරුවරුන් 6 දෙනකු නම්කර තිබේ. තරග තීරකවරුන් ලෙස නල්ලයිය දේවරාජන්, රවී පුංචිහේවා සහ රෝහිත ප්‍රියන්ත යන මහත්වරුන් නම්කර ඇත.  

ශ්‍රී ලංකාවේ දක්‍ෂතම සීමිත ඕවර ක්‍රීඩකයන් 60 දෙනකු රෙඩ්ස්, බ්ලූස්, ග්‍රීන්ස් සහ ග්‍රේස් යනුවෙන් කණ්ඩායම් 4 කට බෙදා මෙම තරගාවලිය පැවැත්වේ. තරගාවලියේ සියලුම තරග පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලිය ලබන බ්‍රහස්පතින්දා ආරම්භවීමට නියමිතය.


විනිශ්චයකරුවන්ගේ මණ්ඩලය

■ කීර්ති බණ්ඩාර
■ දීපාල් ගුණවර්ධන
■ අසංග ජයසූරිය
■ හේමන්ත බොතේජු
■ රෝහිත කොට්ටච්චි
■ රවීන්ද්‍ර කොට්ටච්චි

- 213

 


අදහස් (0)

විනිසුරු මඬුල්ලට 6 දෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.