Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වසර 38 කට පසු යාපනයෙන් ජාතික පිලට

වසර 38 කට පසු යාපනයෙන් ජාතික පිලට

Nisanka Sandeepani - 2018 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ ඉන්දීය වයස 19 න් පහළ පිල අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24) ආරම්භ වූ සිව්දින තරගයට ක්‍රීඩා කරන, යාපනය දිස්ත්‍රික්කයෙන් පැමිණි විජයකාන්ත් වියස්කාන්ත් වසර 38 කට පසුව ජාතික ක්‍රිකට් කණ්ඩායමකට යාපනයෙන් පැමිණි ක්‍රීඩකයා බවට පත්විය. යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩකයකු වන විජයකාන්ත් දකුණතින් පා දඟ පන්දු යවන්නෙකි.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ කළමණාකරු හේමන්ත දේවප්‍රිය මහතා මේ පිළිබඳව පැවසුවේ 1980 වසරේ ඉන්දියවේ සංචාරය කළ ශ්‍රී ලංකා වයස 23 න් පහළ කණ්ඩායමට නගුලේෂ්වරන් නම් ක්‍රීඩකයකු යාපනයේ සිට පැමිණි බවට තමන්ට මතකයක් ඇති බවයි. 

ශ්‍රී ලංකා කනිෂ්ඨ තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයකු වන රංජන් පරණවිතාන මහතාගෙන් කළ විමසුමේදී පැවසුවේ කනිෂ්ඨ සංචිතවලට යාපනයේ ක්‍රීඩකයන් ඇතුළත්ව සිටියද ක්‍රීඩා කළ පළමු අවස්ථාව මෙය බවයි. 

 

 


අදහස් (0)

වසර 38 කට පසු යාපනයෙන් ජාතික පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.