එක්දින අන්තර්ජාතික තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පළමු ඕවරයේදීම කඩුලු දෙකක් දවාගන්නා ලද්දේ වසර 15 කට පසුවය.
බංග්ලාදේශයට එරෙහිව අද (15 වැනිදා) පැවැත්වෙන ආසියානු කුසලාන තරගයේ පළමු ඕවරයේදීම ලසිත් මාලිංග විසින් කඩුලු දෙකක් දවාගැනීමට පෙර, අවසන් වරට එවන් දස්කමක් දැකගත හැකිවූයේ 2003 ලෝක කුෂලාන තරගාවලියේදීය. එදා බංග්ලාදේශ පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේ පීටර්මැරිට්ස්බර්ග් නුවරදී පැවැති තරගයේදී පළමු ඕවරයේදීම චමින්ද වාස් විසින් කඩුලු 4 ක් දවාගන්නා ලදි.
වසරකට පසුව සිය පළමු එක්දින තරගයට ක්‍රීඩා කරන ලසිත් මාලිංග විසින් අද දිනයේදී යවන ලද පළමු ඕවරය සටහන් වූයේ 1,0,0,0,0,
ලෙසිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.