කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමේ අරමුණින් වයස අවුරුදු 23 න් පහළ ක්‍රීඩිකාවන් 17 දෙනෙක් සංවර්ධන සංචිතයකට එක්කර සුදුසුකම් ලත් ප්‍රවීණ පුහුණුකරුවන් මගින් ඔවුන්ට සය මාසික පුහුණුවක් ලබාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා ආරම්භ කළේය.
එම සංවර්ධන සංචිතයට ක්‍රීඩිකාවන් තෝරා ගන්නා ලද්දේ පසුගියදා නිමාවට පත්වූ අන්තර් පළාත් කාන්තා අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ උපරිම දස්කම් දැක්වූ ක්‍රීඩිකාවන් 15 ක්ද, ඌව සහ නැගෙනහිර පළාත්වල දක්ෂතම ක්‍රීඩිකාවන් දෙදෙනෙකුද එක්කර ගැනීමෙනි.
මෙම ක්‍රීඩිකාවන්ට මසකට දින හතරක් කොළඹ නේවාසික පුහුණුවක්ද, ඔවුන් නියෝජනය කරන පළාත් වල ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරුවන් යටතේ මසකට තවත් දින හතරක පුහුණුවක්ද ලෙස සය මසක් ගතවනතුරු පුහුණුව සපයයි.
තෝරාගත් ක්‍රීඩිකාවන් සහ එම ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ඉකුත්දා ක්‍රිකට් ආයතනයේදී වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගී වූහ. මාසයකට දින 8 ක් (නේවාසිකව කොළඹදී දින හතරක් හා ඔවුන් නියෝජනය කරන පළාත් වලදී දින හතරක්) මෙම ක්‍රීඩිකාවන් සුදුසුකම් ලත් ප්‍රවීන පුහුණුකරුවන් යටතේ පුහුණුව ලබනු ඇත. ක්‍රීඩිකාවන් පුහුණුව ලැබිය යුතු ආකාරය, ව්‍යායාමවල නිරත විය යුතු වේලාවන්, ලබා ගතයුතු ආහාර පාන ක්‍රමවේද පිළිබදව සමාරම්භක වැඩසටහනේදී දැනුවත් කරන ලදී.
පුහුණුවීම්වලට සහභාගිවන්නන්ට වියදම් වශයෙන් දීමනාවක් ලබා දීමටද ක්‍රිකට් ආයතනය කටයුතු කරන බව සමාරම්භක උත්සවයේදී එම පුහුණු වැඩසටහනේ සම්බන්ධීකරණ නිලධාරිණි අප්සාරි තිලකරත්න මහත්මිය පැවසුවාය.
මෙම වැඩසටහන ඉකුත් වසරේ (2017) ආරම්භ කළ අතර එහිදී ක්‍රීඩිකාවන් අට දෙනෙකු නැගී එන ක්‍රීඩිකාවන්ගේ සංචිතයට සුදුසුකම් ලබා දෙදෙනෙකු ශ්‍රී ලංකාවද නියෝජනය කර ඇත. මෙවර තෝරාගත් ක්‍රීඩිකාවන් අතර අම්පාර, මඩකලපුව, හලාවත, රත්නපුර, රත්ගම, ගාල්ල සහ පොලොන්නරුව ප්‍රදේශවල ක්‍රීඩිකාවෝ සිටිති.
සංවර්ධන සංචිතය
ෂායිකාරි නුවන්තා, නිමේෂා මධුෂානි, මල්ෂා මධුෂානි රණතුංග, නිලක්ෂණා සදමිණි, සචිනි දයාරත්න, සදනි තිවංකා, කෞෂල්‍යා මධුමාලි, ප්‍රභාෂිණි ප්‍රනාන්දු, පූර්ණිමා ප්‍රනාන්දු, ශෂිනි ප්‍රනාන්දු, ඉරේෂා චතුරානි, සචිනි නිසංසලා, පූජා රශ්මි, ජනදි අනාලි, උදාර බණ්ඩාර, වී. සරණියා සහ ජනුසි සුදීරා
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.