සංචාරක ඉන්දීය වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරග දෙක සඳහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතයේ නායකත්වය නිපුන් ධනංජයට හිමිවී ඇත. නිපුන් ධනංජය වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය නියෝජනය කරයි.
කොළඹ රාජකීය විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනී විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් සංචිතයට ඇතුළත්ව ඇත. වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටු විද්‍යාලය, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය, ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය නියෝජනය කරමින් එක් ක්‍රීඩකයකු බැගින් සංචිතයට ඇතුළත්ව ඇත.
මෙම මස 17 වැනිදා සිට 20 වැනිදා දක්වා පළමු නිල නොවන ටෙස්ට් තරග එන්.සී.සී. ක්‍රීඩාංගණයේදීත් 27 වැනිදා සිට 27 වැනිදා දක්වා දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය
නිපුන් ධනංජය (නායක - වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය), පසිඳු සූරියබණ්ඩාර (කොළඹ රාජකීය විද්‍යාලය), නුවනිඳු ප්‍රනාන්දු (මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය), නවෝද් පරණවිතාන (ගාල්ල මහින්ද විද්‍යාලය), නිශාන් ප්‍රනාන්දු (මොරටු විද්‍යාලය), කමිල් මිශාර (කොළඹ රාජකීය විද්‍යාලය), දුනිත් වෙල්ලාලගේ (කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය), සඳුන් මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය), පුබුදු බණ්ඩාර (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය), ශශික දුල්ශාන් (මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය), නවෝද්‍ය විජයකුමාර (කටුගස්තොට ශාන්ත අන්තෝනී විද්‍යාලය), කළණ පෙරේරා (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), නිපුන් මාලිංග (ගාල්ල මහින්ද විද්‍යාලය), කල්හාර සේනාරත්න (කටුගස්තොට ශාන්ත අන්තෝනී විද්‍යාලය), නවීන් ප්‍රනාන්දු (මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය)
අතිරේක ක්‍රීඩකයෝ
චිහාන් කළිඳු (මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය), විජයකාන්ත් වියස්කාන්ත් (යාපනය මධ්‍ය මහා විද්‍යාලය), සොනාල් දිනූෂ (කොළඹ මහනාම විද්‍යාලය), ලක්ෂිත මානසිංහ (කොළඹ නාලන්දා විද්‍යාලය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.