Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වත්තල ශා.ජෝසප් අ.අ.පූ.වටයට

වත්තල ශා.ජෝසප් අ.අ.පූ.වටයට

රොෂාන් ගුණරත්න - 2018 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට වත්තල ශාන්ත ජෝසප් විදුහල අද (5 වැනිදා) සමත්විය.

බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ ඩී.එස්.සේනානායක විදුහල් ‘බී’ කණ්ඩායම කඩුලු 6 කින් පරාජය කිරීමට ශාන්ත ජෝසප් විදුහල සමත්විය.

ඩලස් කෙප් කඩුලු 3 ක් සහ ජනින්ද සිල්වා (53) අර්ධ ශතකයක් ලබාගනිමින් ශාන්ත ජෝසප් විදුහල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

ඩී.එස්.සේනානායක විදුහල - ඕවර 48.3 කදී සියලුදෙනා දැවී 188
(අනිෂ්ක ද සොයිසා 41, කුමුදිත පෙරේරා 38, දිශාන් ප්‍රියමන්ත 33, සිසිර චන්තුක 21, ඩලස් කෙප් 34/3, බෙවන් ද සිල්වා 44/2

ශා. ජෝසප් විදුහල - ඕවර 38.2 කදී කඩුලු 4 ක් දැවී 189
(ජනින්ද සිල්වා 53, ඉසුරු උදාර නොදැවී 47, සෙනත් සිල්වා 34)


අදහස් (0)

වත්තල ශා.ජෝසප් අ.අ.පූ.වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.