Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේෂ් රාහුල් (නොදැවී 60) සහ ක්‍රිස් ගේල්ගේ (නොදැවී 43) පිතිහරඹයත්, පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි හිදී අද (23 වැනිදා) පැවැති 17 වැනි තරගය කඩුලු 9 කින් ජයගැනීමට පංජාබ් කිංග්ස් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කයක් හඹාගිය පංජාබ් කිංග්ස් පිල ඕවර 17.4 කදී කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.
මයන්ක් අගර්වාල් සමගින් පළමු කඩුල්ල සඳහා පන්දු 44 කදී ලකුණු 53 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ලෝකේෂ් රාහුල් ඉන් නොනැවතී දෙවැනි කඩුල්ල සඳහා ක්‍රිස් ගේල් සමගින් එක්ව පන්දු 62 කදී තවත් ලකුණු 79 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් පංජාබ් කිංග්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
නායක ලෝකේෂ් රාහුල් පන්දු 52 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 60 ක් රැස්කළ අතර ක්‍රිස් ගේල් පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 43 ක් ලබාගත්තේය.
කාසියේ වාසිය දිනූ පංජාබ් කිංග්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කිරිමට හැකිවූයේ ලකුණු 131 ක් පමණි.
ආරම්භයේ සිටම මන්දගාමී ලකුණු රැස්කිරීමක නිරතවූ මුම්බායි ඉන්දියන්ස් පිතිකරුවන් පළමු ඕවර 10 අවසානයේ කඩුලු 2 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 49 කි. අවසන් ඕවර 10 තුල ලකුණු 82 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.
නායක රෝහිත් ෂර්මාද ආරම්භයේ සිට මන්දගාමී ලකුණු රැස්කිරීමක නිරතවුවද ඔහු දැවීයන විට පන්දු 52 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 63 ක් ලබාසිටියේය. සූර්යකුමාර් යාදව් පන්දු 27 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 33 ක් ලබාගත්තේය.
රෝහිත් ෂර්මා සහ සූර්යකුමාර් යාදව් එක්ව 3 වැනි කඩුල්ල සඳහා පන්දු 55 කදී ලකුණු 79 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.
ඕවර 4 බැගික් යැවූ මොහොමඩ් ශාමී සහ රවී බිෂ්නෝයි ලකුණු 21 කට කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
මුම්බායි ඉන්දියන්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 131
(රෝහිත් ෂර්මා 63, සූර්යකුමාර් යාදව් 33, මොහොමඩ් ශාමී 21/2, රවී බිෂ්නෝයි 21/2)
පංජාබ් කිංග්ස් - ඕවර 17.4 කදී කඩුල්ලක් දැවී 132
(ලෝකේෂ් රාහුල් නොදැවී 60, මයන්ක් අගර්වාල් 25, ක්‍රිස් ගේල් නොදැවී 43)
-2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.