Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෝක කුසලාන තුන්වැනි පුදුමය
එංගලන්ත - අයර්ලන්ත තරගය

ලෝක කුසලාන තුන්වැනි පුදුමය

editorial - 2022 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලෝක කුසලාන තරගාවලියේදී තුන්වැනි පුදුමය වාර්තා කරමින්, එංගලන්තය සහ අයර්ලන්තය අතර අද (26 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී අයර්ලන්තය විසින් ලකුණු 05 කින් එංගලන්තය පරාජය කරන ලදි. විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්තය 2 වැනි ස්ථානයේ සිටින නමුත් අයර්ලන්තය සිටින්නේ 12 වැනි ස්ථානයේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම ඕවර 19.2 කදී ලකුණු 157 ක් ලබාගත්තේය. ලකුණු 158 ක ඉලක්කයක් කරා ගිය එංගලන්ත කණ්ඩායමට, ඕවර 14.3 කදී ලබාගත හැකිවූයේ කඩුලු 5 ක් දැවී ලකුණු 105 ක් පමණි. එහෙත් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තරගය ජයගැනීමට නම් ඒ වන විට ලකුණු 110 ක් ලබාගත යුතුව තිබිණ.

මෙවර ලෝක කුසලාන තරගාවලිය පුදුමාකාර තරග ප්‍රතිඵල වලින් ගහණ වී තිබේ.  එය ආරම්භ වූයේ පළමු තරගයේදීම නැමීබියාව හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 55 කින් පරාජය වීමෙනි. සුදුසුකම් ලැබීමේ තරග වටයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල පරාජය කරමින් අයර්ලන්තය කඩුලු 9 කින් ජයගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් කොදෙව් පිල ඉවතට ඇද දමමින්, සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය.

කාසියේ වාසිය අහිමි වූ හෙයින්, පළමුවෙන් පන්දුවට පහර දීමට සිදුවූ අයර්ලන්ත ක්‍රීඩකයෝ ඕවර 10 කදී කඩුල්ලක් දැවී ලකුණු 92 ක් ලබාගත්හ. අයර්ලන්ත නායක ඇන්ඩි බැල්බිරින්, තම කණ්ඩායමේ පෙරමුණේ රාළ වී, පන්දු 47 කින් ලකුණු 62 ක් ලබාගනිමින් ලෝකන් ටකර් සමගින් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනැවීය. එසේ වුවත්, පන්දු 44 කදී, අයර්ලන්තයේ අවසන් කඩුලු 9 ම ලකුණු 54 කට ඇද වැටිණ.

පැයට කිලෝ මීටර 154 ක (පැයට සැතපුම් 96 ක ) වේගයෙන් පන්දු යවන මාක් වුඩ් කඩුලු 3 ක් දවාගත්තේය.

වර්ෂාව පැමිණෙන බව කල්තියාම දුටු එංගලන්තය පිතිකරුවන්ගේ කලබලය හේතුවෙන් ඕවර 5 කදී ලකුණු 29 කට කඩුලු 3 ක් බිඳ වැටුණද ඩේවිඩ් මැලන් (35) සහ හැරී බෲක් (18) දෙදෙනා එක්ව ඉනිම පිළිසකර කළහ. ඩේවිඩ් මැලන් ලකුණු 23 ක් ලබා සිටියදී පිට පිටම දුන් උඩපන්දු දෙකක් ම අයර්ලන්ත ක්‍රීඩකයන් වෙතින් ගිළිහී ගියේය. එහෙත් රහි ප්‍රතිඵල ලබාගත නොහැකිව, මුලු ලකුණු සංඛ්‍යාව 86 දී ඩේවිඩ් මැලන් දැවී යාම එංගලන්තයට බරපතළ පාඩුවක් විය. මොයින් අලී පන්දු 12 කින් ලකුණු 24 ක් ලබාගත් නමුත්, වර්ෂාවෙන් බාධා වන විට තිබිය යුතු වූ ලකුණු 110 ට වඩා එංගලන්තය සිටියේ ලකුණු 05 ක් පසුපසිනි.
එංගලන්ත පිලේ මෙම පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නැවත වරක් ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය දක්වා ඉහළ නැග තිබේ.


අයර්ලන්තය - ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 157 යි
(පෝල් ස්ටර්ලින් 14, ඇන්ඩි බැල්බිරින් 62, ලෝකන් ටකර් 34, කර්ටිස් කැම්පර් 18, ගැරත් ඩෙලානි නොදැවී 12, මාක් වුඩ් 34/3, සෑම් කරන් 31/2, ලයාම් ලිවිංග්ස්ටන් 17/3)

එංගලන්තය - ඕවර 14.3 කදී කඩුලු 5 ට 105 යි
(ඩේවිඩ් මැලන් 35, හැරී බෲක් 18, මොයින් අලී නොදැවී 24, ජොෂ් ලිට්ල් 16/2)


අදහස් (0)

ලෝක කුසලාන තුන්වැනි පුදුමය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.