Last Update  :  2024-05-15 15:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලේකම්වරියෝ 10ක් දඹුල්ලට එති

ලේකම්වරියෝ 10ක් දඹුල්ලට එති

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (10) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ විශේෂ ප්‍රේක්‍ෂකාගාරවල සේවයට යැයි පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරියන් 10 කට අධික සංඛ්‍යාවක් දඹුල්ලට ගෙන්වාගෙන තිබේ.

මෙම පිරිසට එම සේවය සඳහා විශාල මුදලක් වැය කරමින් ආහාර, නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් ලබාදී ඇති බවත් ලේකම්වරියකට දිනකට රුපියල් 5,000 ක දීමනාවක් ද හිමිවන බවත් වාර්තා වේ.

මෙම ලේකම්වරියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය වෙනුවෙන් ද සුපිරි වැටුප් ලබන බව ද තතු දන්නෝ පවසති.

මෙහි කැපී පෙනෙන තත්ත්වය වන්නේ මෙම නිලධාරිනියක් දින පහක් දඹුල්ලේ රැදී සිටිය හොත් ඒ අනුව ලේකම්වරියකට රුපියල් 25,000 ක මුදලක් හිමිවන අතර සෙසු පහසුකම්වල පිරිවැය ද සමඟ ලේකම්වරියක් සඳහා රුපියල් 50,000 කට අධික මුදල් වැයවීමයි.  

මීට පෙර දඹුල්ලේ ජාත්‍යන්තර තරගවලදී විශේෂ ප්‍රේක්‍ෂකාගාරවල සේවයට මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමය හරහා සේවකයන් ලබාගත් බවත් ඔවුන්ට තරග දිනයකදී පමණක් රුපියල් 1500 ක පමණ මුදලක් ගෙවූ බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනය ඇත්තේ ක්‍රීඩා ඇමැතිවරයා යටතේය.


අදහස් (0)

ලේකම්වරියෝ 10ක් දඹුල්ලට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.