Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලුම්බිණියට කඩුලු 3 ක ජයක්

ලුම්බිණියට කඩුලු 3 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2018 අප්‍රේ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති 5 වැනි ‘නීල හරිත සංග්‍රාමය’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය කඩුලු 3 කින් ජයගැනීමට කොළඹ ලුම්බිණි විද්‍යාලය අද (4 වැනිදා) සමත්විය.
 
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ඕවර 42.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 172 ක් පමණි.
 
සහිරු රොශේන් (78) අර්ධ ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වුවද අනෙක් පිතිකරුවන් අසාර්ථක විම හේතුවෙන් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට බණ්ඩාරනායක විද්‍යාලයට නොහැකි විය.
 
ප්‍රභාත් මදුසංක ලකුණු 18 කට කඩුලු 4 ක් සහ විමුක්ති කුලතුංග ලකුණු 23 කට කඩුලු 2 ක් දවාගනිමින් ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
 
ජයග්‍රහණය සදහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය කොළඹ ලුම්බිණි විද්‍යාලය ඕවර 37.3 කදී කඩුලු 7 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
 
කවින් පීරීස් නොදැවී ලකුණු 78 ක් රැස්කරමින් ලුම්බිණි විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
 
 
බණ්ඩාරනායක විද්‍යාලය - ඕවර 42.1 කදී සියලුදෙනා දැවී ලකුණු 172
(සහිරු රොශේන් 78, සිසිත මදනායක 27, ජනිඳු ජයවර්ධන 26, ප්‍රභාත් මදුසංක 18/4, විමුක්ති කුලතුංග 23/2)
 
ලුම්බිණි විද්‍යාලය - ඕවර 37.3 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 173
(කවින් පීරීස් නොදැවී 78, පූර්ණ සඳරුවන් 22, ජනිඳු ජයවර්ධන 31/2)

අදහස් (0)

ලුම්බිණියට කඩුලු 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.