ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සිවුවැනි ‘නීල-හරිත සංග්‍රාමය’ මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (23 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ලුම්බිණි විදුහල කඩුලු 2 ක් දැවී ලකුණු 103 ක් ලබා සිටියේය.
ඒ අනුව ලුමිබිණි විදුහල කඩුලු 8 ක් අතැතිව බණ්ඩාරනායක විදුහල් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 64 ක් පසුපසින් සිටින අතර පළමු දිනය සඳහා තරගය නතර කරන විට ලකිඳු උපේන්ද්‍ර (61) අර්ධ ශතකයක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බණ්ඩාරනායක විදුහල ලකුණු 167 කට සීමා කිරීමට ලුම්බිණී පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ධයන් විමුක්ති ලකුණු 61 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය.
බණ්ඩාරනායක විදුහල් පළමු ඉනිම - ඕවර 72.3 කදී සියලු දෙනා දැවී 167
(ගයාෂාන් දුලාංජන 36, සිසිත සදුනෝදය 27, ධයන් විමුක්ති 61/5, කවින් කේමිත 46/2)
ලුම්බිණි විදුහල් පළමු ඉනිම - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 103
(ලකිඳු උපේන්ද්‍ර නොදැවී 61, කවින් කේමිත 22)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.