මේ වසරේ (2018) අගෝස්තු මස 18 වැනිදා සිට සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ‘ලංකන් ප්‍රිමියර් ලීග්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පවත්වා නව නිලධාරී මණ්ඩලයක් තෝරාපත් කරගන්නා තෙක් මෙම තරගාවලිය කල් දමන බවද එම නිවේදනයේ සඳහන් වේ.
මින් වසර 6 කට පෙර එනම් 2012 වසරේදී පැවැති ‘ශ්‍රී ලංකන් ප්‍රිමියර් ලීග්’ විස්සයි20 තරගාවලියෙන් පසුව විදෙස් ක්‍රීඩකයන් සහභාගි කරවාගනිමින් කිසිදු විස්සය20 ලීග් තරගාවලියක් මෙරටදී නොපැවැත්විණ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.