Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රෝහිත් ශර්මාට ලක්ෂ 12 ක දඩයක්

රෝහිත් ශර්මාට ලක්ෂ 12 ක දඩයක්

editorial - 2021 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (20 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගයේදී නියමිත වේලාවට ඕවර සංඛ්‍යාව යැවීමට අසමත් වීම හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක දඩයක් ගෙවීමට තරග තීරකවරයා නියම කර ඇත. 

මෙවර තරගාවලියේදී ශර්මා මෙවන් වරදකට හසුවූ පළමු අවස්ථාව මෙය වන අතර එම තරගයේදී දිල්ලි කණ්ඩායම හමුවේ මුම්බායි කණ්ඩායම කඩුලු 6 කින් පරාජයට පත් විය. 

අයි.පී.එල්. තරගාවලියේ නීති රීති වලට අනුව පළමු වරට කණ්ඩායමක් නියමිත වේලාවට ඕවර සංඛ්‍යාව යැවීමට අසමත් වන්නේ නම් එම කණ්ඩායමේ නායකයාට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක මුදලක් දඩ වශයෙන් ගෙවීමට සිදුවනු ඇත. දෙවැනි වරටත් එම වරදටම හසුවන්නේ නම් නායකයාට ඉන්දීය රුපියල් ලක්ෂ 24 ක්ද, කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 6 ක් හෝ තරග මුදලින් 25% ක්ද දඩ ලෙස ගෙවීමට සිදුවනු ඇත. 

යම් හෙයකින් තරගාවලිය තුළ කණ්ඩායමක් තෙවැනි වරටත් නියමිත වේලාවට ඕවර සංඛ්‍යාව යැවීමට අසමත් වන්නේ නම් කණ්ඩායමේ නායකයාට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක දඩ මුදලක් ගෙවීමට සිදුවන අතර තරගයක් තහනම් වනු ඇත. එම කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක් හෝ තරග මුදලින් 50% ක් දඩ වශයෙන් ගෙවීමට නියම වනු ඇත. 


-036 


අදහස් (0)

රෝහිත් ශර්මාට ලක්ෂ 12 ක දඩයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.