රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ව්‍යාපාර කළමණාකාර පාසල, සිගීස් විශ්ව විද්‍යාලය, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය සහ සිනීගම ගුණ ජය සතුට පදනම යන කණ්ඩායම් සමත්වූහ.
අර්ධ අවසන් පූර්ව වටයේ තරග කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත් වුණි. ව්‍යාපාර සහ තාක්‍ෂණය පිළිබඳ ජාත්‍යන්තර පාසල, ඊසොෆ්ට් විශ්ව විද්‍යාලය, තොරතුරු තාක්‍ෂණය පිළිබඳ ආසියානු ශාන්තිකර කළාපීය ආයතනය සහ මර්කරි පරිපාලන ආයතනය යන කණ්ඩායම් පරාජයට පත්කරමින් එම කණ්ඩායම් එහිදී අවසන් පූර්ව වටයට පිවිසියහ.
අවසන් පූර්ව තරග මෙම මස 29 වැනිදා සහ අවසන් මහා තරගය මෙම මස 30 වැනිදා කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ව්‍යාපාර කළමණාකාර පාසල් කණ්ඩායමට කඩුලු 3 ක ජයක්
ව්‍යාපාර සහ තාක්‍ෂණය පිළිබඳ ජාත්‍යන්තර පාසල - ඕවර 19.4 කදී සියලුදෙනා දැවී 155
(ප්‍රියමාල් පෙරේරා 36, සාලින්ද උෂාන් 25, ජෙහාන් ඩැනියල් 21, චාමික කරුණාරත්න 28/3, ප්‍රමෝද් මදුශාන් 32/3)
ව්‍යාපාර කළමණාකාර පාසල - ඕවර 19.2 කදී කඩුලු 7 ක් දැවී 156
(සුපේෂල ජයතිලක නොදැවී 44, කමිඳු මෙන්ඩිස් 37, කොෂාන් ධනුෂ්ක 33, චමීර දිසානායක 13/2)
සිගීස් කණ්ඩායමට ලකුණු 43 ක ජයක්
සිගීස් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 186
(සහන් ආරච්චිගේ 44, සඳුන් වීරක්කොඩි 31, ශෙහාන් ප්‍රනාන්දු 29, තීක්‍ෂිල ද සිල්වා 26)
ඊසොෆ්ට් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 143
(සචින් ජයවර්ධන 56, අකීල් ඉන්හාම් 26, චෙනුත වික්‍රමසිංහ 23, තීක්‍ෂිල ද සිල්වා 21/4, සඳුන් වීරක්කොඩි 15/3)
කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයීය කණ්ඩායමට කඩුලු 3 ක ජයක්
තොරතුරු තාක්‍ෂණය පිළිබඳ ආසියානු ශාන්තිකර කළාපීය ආයතනය - ඕවර 20 කදි කඩුලු 9 කට 119
(විරාජ් පෙරේරා 39, දිලූෂ විතානගේ 25, සචින් ජයසූරිය 20, සාරංග ප්‍රනාන්දු 14/3, හර්ෂ සල්ගාදූ 21/2)
කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය - ඕවර 19.2 කදී කඩුලු 7 ක් දැවී 120
(සචින්ත ද සිල්වා නොදැවී 33, කවිඳු පෙරේරා 23, ගයාත් හේවාවිතාරණ 25/3, සචින් ජයසූරිය 13/2)
සිනීගම ගුණ ජය සතුට පදනම් කණ්ඩායමට ලකුණු 29 ක (ඩක්වත් ලුවිස් න්‍යායට අනුව) ජයක්
ගුණ ජය සතුට පදනම - ඕවර 14 කදී කඩුලු 8 ක් දැවී 118
(පබසර වඩුගේ 24, අහමඞ් ෆවුසි 28/3, සවන් ප්‍රභාෂ් 16/2, මොහොමඞ් අමීන් 28/2)
මර්කරි පරිපාලන ආයතනය - ඕවර 14 කදී කඩුලු 7 ක් දැවී 88
(රුචිර පිරීස් 28, තරිඳු කෞෂාල් 14/4, ප්‍රමුද් හෙට්ටිවත්ත 16/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.