Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රූසොව්ගේ ශතකය දකුණු අප්‍රිකාව ඔසවා තබයි
විස්සයි-20 ලෝක කුසලාන

රූසොව්ගේ ශතකය දකුණු අප්‍රිකාව ඔසවා තබයි

editorial - 2022 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර සිඩ්නි නුවරදී අද (27 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 205 ක් ලබාගැනීමට සමත් විය.

එහිදී ‍ප්‍රවේකගාරී පිතිහරඹයක නිරත වූ රිලී ‍රූසොව් පන්දු 56 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 109 ක් ලබාගත් අතර එය මෙවර තරගාවලියේදී වාර්තා වූ පළමු ශතකය ද විය. ආරම්භත පිතිකරු ක්වින්ටින් ඩි’කොක් (63) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 85 කදී ලකුණු 163 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රූසොව් සමත් විය.

එහිදී පන්දු 38 කට මුහුණදුන් ඩි’කොක් හයේ පහර 3 කින් සහ හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය සැරසුවේය. තරග‍ය ආරම්භයේ සිට 15 වැනි ඕවරය දක්වාම දැඩි ලෙස පහර කෑමකට ලක්වුවද, දකුණු අප්‍රිකානු ඉනිමේ අවසන් ඕවර 5 ලකුණු 29 කට සීමාකිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.

දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 5 කට 205

(ක්වින්ටින් ඩි’කොක් 63, රිලී රූසොව් 109, සකීබ් අල් හසන් 33/2)

-036


අදහස් (0)

රූසොව්ගේ ශතකය දකුණු අප්‍රිකාව ඔසවා තබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.