දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලය සහ වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය අතර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 9 වැනි ‘රුහුණු රන් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (5 වැනිදා) අවසන්විය.
තරගය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි විජිත මධ්‍ය මහා විද්‍යාලය දෙවැනි ඉනිම සදහා කඩුල්ලක් දැවී ලකුණු 11 ක් රැස්කර සිටියේය.
පළමු දින නිමාවන විට පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 19 කට කඩුලු 3 ක් අහිමි කරගෙන අසීරු තත්ත්වයක සිටියද ඉනිම අත්හිටුවන විට කඩුලු 9 කට ලකුණු 164 ක් රැස්කරමින් පළමු ඉනිමේදී පෙරමුණ ගැනීමට සමත්විය.
අර්ධ ශතකයක් (63) ලබාගනිමින් රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විමට දිලීප මලිත් සමත්විය.
ලකුණු 48 කට කඩුලු 7 ක් දවාගනිමින් විජිත මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දක්වන්නට මෙනූෂ දිනුප් සමත්විය.
විජිත ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 59.1 කදී සියලුදෙනා දැවී ලකුණු 127
(ළහිරු කෝසල 37, තරිඳු උශාන් 47/5, පිවිතුරු පියදසුන් 15/2)
රාජපක්ෂ ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 67.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 164
(දිලීප මලිත් 63, දිනේෂ් ශෙහාත් 29, තරිඳු ඉශාන් නොදැවී 21, මෙනූෂ දිනුප් 48/7, කුෂාන් මලින්ද 47/2)
විජිත ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 8 කදී කඩුල්ලක් දැවී ලකුණු 11
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.