Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රුහුණු නිල් මහ සටන හෙට සිට

රුහුණු නිල් මහ සටන හෙට සිට

රොෂාන් ගුණරත්න - 2016 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය හා මාතර ශාන්ත තෝමස් විද්‍යාලය අතර රුහුණු මහා නිල් සටන නමින් විරුදාවලිය ලත් වාර්ෂික මහා කි‍්‍රකට් තරගය හෙට (25) මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ. දින තුනක තරගයක් වන මෙම තරගය ඉරිදා දක්වා පැවත්වේ.


ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් ඉතිහාසයේ දෙවැනි පැරැුණිතම කි‍්‍රකට් තරගය මෙය ලෙස සැලකේ.


සාන්ත තෝමස් විද්‍යාලය 1844 වසරේ මාර්තු මස 10 වැනි දින ආරම්භ කර ඇති අතර එය වසර 172ක් පැරැණි පාසලකි.


සාන්ත සර්වේශස් විද්‍යාලය 1897 වසරේ නොවැම්බර් මස 02 වැනි දින ආරම්භ කර තිබෙන අතර එය වසර 118ක් පැරැුණි පාසලකි.
මේ දක්වා පවත්වා ඇති තරග අතුරින් තරග 32ක ජය ශාන්ත තෝමස් විදුහලට ද, තරග 28ක ජය සාන්ත සර්වේශයට ද හිමිවී තිබේ. ඉතිරි තරග 55 විසඳුමකින් තොරව නිමාවට පත්ව ඇත.


අවසන් වශයෙන් සාන්ත සර්වේශස් විද්‍යාලය තරගය ජය ගෙන ඇත්තේ 1971 වසරේදීය. මේ නිසා ඔවුන් වසර 35ක් තිස්සේ ජයග‍්‍රහණයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.


ශාන්ත තෝමස් 2007 දී අවසන් වශයෙන් මෙම තරගය ජයගෙන ඇති අතර ඔවුන් වසර නවයක් තිස්සේ ජයග‍්‍රහණය සොයමින් සිටී.
පසුගිය 2015/2016 තරග වාරයේදී සාන්ත සර්වේශස් විද්‍යාලය පාසල් තරග 16කට සහභාගි වී තරග තුනක් ජයග‍්‍රහණය කර තිබේ. තරගයක් පරාජය වී තිබෙන අතර ඉතිරි තරග ජය පරාජයෙන් තොරව අවසන් කර ඇත.


ශාන්ත තෝමස් විදුහල තරග 18කට ඉදිරිපත්වී ජයග‍්‍රහණ තුනක් ලබාගෙන තිබේ. තරග තුනක් පරාජය වී තිබෙන අතර ඉතිරි තරග ජය පරාජයෙන් තොරව නිමාවට පත්කර ඇත.


මෙම පාසල් දෙක අතර 17 වැනි එක් දින මහ කි‍්‍රකට් තරගය ලබන 02 වැනි දින පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


සාන්ත සර්වේසස් කණ්ඩායමේ නායකයා ලෙස 05 වැනි වසරේ වර්ණ ලාභියකු වූ තුන් ඉරියව් කී‍්‍රඩක අශේන් දීමන්ත කටයුතු කරයි.

2012 වසරේ අන්තර් පළාත් 15න් පහළ කි‍්‍රකට් තරගාවලියේ ඔහු දිවයිනේ දක්ෂතම කී‍්‍රඩකයාට හිමි සම්මානය දිනා ගෙන තිබේ.
ශාන්ත තෝමස් කණ්ඩායමේ නායකයා ලෙස නිමන්ත කවීෂ්වර කටයුතු කරයි.

 


සාන්ත සර්වේශස් විද්‍යාලයීය කණ්ඩායම

ඉදිරිපෙළ වමේ සිට - චතුර ජයවික‍්‍රම, එන්.සී. කොමසාරු (සහාය පුහුණුකරු), චානුක දිල්ෂාන්, ජී.එච්. නයනානන්ද ද සිල්වා (කි‍්‍රකට් භාර ආචාර්ය), අශේන් දීමන්ත (නායක), මුණිදාස රත්නසේකර (විදුහල්පති), කවිදු උමේෂ් (උප නායක), ඞී.ඞී.ඒ. විජේසිංහ (කී‍්‍රඩා භාර නියෝජ්‍ය විදුහල්පති), රමේෂ් නිමන්ත, ලසිත ශාලූක සුවඳරත්න (ප‍්‍රධාන පුහුණුකරු) රජන්ත චන්දුල


පසුපෙළ වමේ සිට - පුන්සර හිරුෂ ගිම්හාන්, පසිදු මනුපි‍්‍රය, ශසික දුල්ෂාන්, තිලාන් ප‍්‍රශාන්, චරිත් හර්ෂන, යුරාන් නිමේෂ්, ඉසුරු දළදාවත්ත, චනුෂ්ක සංජීව, කේසර නුවන්ත, සඳරු නෙත්මින, පුෂ්පික දිල්ෂාන්, චමිල් ධනංජය, ශානක කවිදු

 


මාතර ශාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම

පළමු පෙළ වමේ සිට - හෂීන් දිල්මාන්, අකිල තිවංක, චරිත් පල්ලියගේ (පුහුණුකරු), නිමන්ත කවීෂ්වර (නායක) ඩබ්ලිව්.එම්.ඒ.ඞී. ලක්මාල් (කි‍්‍රකට් භාර ආචාර්ය), ඩබ්ලිව්.බී. පියතිස්ස (විදුහල්පති), ජනත් මතගධීර (කී‍්‍රඩාභාර ආචාර්ය), නිපුන් අකලංක (උප නායක), දුමිදු හේවාපතිරණ (සහාය පුහුණුකරු), තරුෂ කවින්ද්‍ය, හසිත සුනෙත්


දෙවන පෙළ වමේ සිට - සංචිත ගිම්හාන්, ඉෂාන් ජයවර්ධන, රමින්ද ප‍්‍රවීනාත්, මලීෂ ද සේරම්, සදුන් චමින්ද, කවින්ද රිද්මාල්, රවිදු පබසර, ලහිරු ගිම්හාන්


තෙවන පෙළ වමේ සිට - සචිර රශ්මික, හිරන්ත, ලක්ෂාන්, වෝෂිත අමරසිංහ, මිහිසල් අමෝද, ගිසන්තික ජයවීර, නිමන්තක භාෂන.


●●●

 


අදහස් (0)

රුහුණු නිල් මහ සටන හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.