Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රාහුල් ත්‍රිපාටිගේ (81) වේගවත් පිතිහරඹය හේතුවෙන් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ බදාදා (7 වැනිදා) පැවැති 21 වැනි තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව ලකුණු 10 ක ජයක් හිමිකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් පිල සමත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 20 අවසානයේදී සියලුදෙනා දැවී ලකුණු 167 ක් රැස්කිරීමට සමත්විය. වේගවත් පිතිහරඹයක නිරතවූ රාහුල් ත්‍රිපාටි පන්දු 51 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 81 ක් රැස්කරමින් කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ ලකුණු පුවරුව ඉහළ දැමීම සඳහා හුදකලා සටනක නිරත විය.
කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව පසුකිරීමට අවස්ථාවක් චෙන්නායි සුපර් කිංග්ස් පිලේ පන්දු යවන්නන්ගෙන් හිමි නොවූහ.
ඞ්වයින් බ්‍රාවෝ කඩුලු 3 ක් ද කාර්න් ශර්මා, සෑම් කරන් සහ ශර්දුන් ඨාකූර් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 157 ක් පමණි.
ෂේන් වොට්සන් පන්දු 40 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 50 ක් සහ අම්බති රයිදු පන්දු 27 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 30 ක් රැස්කළද චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.
කොල්කටා නයිට් රයිඩර්ස් - ඕවර 20 කදී සියලුදෙනා දැවී 167
(රාහුල් ත්‍රිපාටි 81, ඞ්වයින් බ්‍රාවෝ 37/3, කාර්න් ශර්මා 25/2, සෑම් කරන් 26/2, ශර්දුන් ඨාකූර් 28/2)
චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 157
(ෂේන් වොට්සන් 50, අම්බති රයිදු 30, රවින්ද්‍ර ජදේජා නොදැවී 21)
- 2079
ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.