Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාසා පන්ජාබ් පිල දිනවයි
අයි.පී.එල් - 2023

රාසා පන්ජාබ් පිල දිනවයි

editorial - 2023 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මතීෂ පතිරණ යැවූ අවසන් ඕවරයේදී ලකුණු 9 ක් ලබාගත් සිකන්දර් රාසා අද (30 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගයේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නොසිතූ ජයක් කරා කැඳවාගෙන ගියේය. ලකුණු 201 ක ඉලක්කයක් කරා ගිය පන්ජාබ් කණ්ඩායම ඕවර 19 කදී ලකුණු 192 ක් ලබා සිටියේය. ලකුණු 8 ක් ලබාගත්තේ නම් තරගය සුපිරි ඕවරය දක්වා දිග්ගැස්සෙන නමුත් අවසන් ඕවරයේදී අවසන් පන්දුවට ලකුණු 03 ක් ලබාගත් සිකන්දර් රාසා පන්ජාබ් කණ්ඩායම ජයග්‍රහණය කරවීය.

ලයාම් ලිවිංග්ස්ටන් (40), සෑම් කරන් (29) සහ ජිතේෂ් ෂර්මා (21) පන්ජාබ් ජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළහ. මෙම ජයත් සමගින්, කණ්ඩායම් 10 ක් තරග වදින තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ සිටි පන්ජාබ් කණ්ඩායම 5 වැනි ස්ථානයට නැගගත්තේය.

චෙන්නායි පිල වෙනුවෙන් පන්දු 52 කින් ලකුණු 92 ක් ලබාගත් ඩෙවොන් කොන්වේගේ උත්සාහය, සිකන්දර් රාසා විසින් සහමුලින්ම ඵල රහිත කරන ලදි. කොන්වේගේ පිතිහරඹය නිසාම චෙන්නායි ක්‍රීඩකයෝ කඩුලු 4 කට ලකුණු 200 ක් ලබාගත් අතර තරගයේ ජය තමන් සතු යයි සිතාගෙන සිටියහ. එහෙත් රාසාගේ ඉනිම අනපේක්‍ෂිත එකක් විය.

පන්ජාබ් පිල වරෙක කඩුලු 3 කට ලකුණු 94 ක් ලබා සිටියද, මෙම තරගාවලි ඉතිහාසයේ වටිනාම ක්‍රීඩකයා වන සරේ ප්‍රාන්තය් සෑම් කරන් (වටිනාකම ඩොලර් මිලියන 2.23) සහ තවත් එංගලන්ත ක්‍රීඩකයකු වන ලයාම් ලිවිංග්ස්ටන් එක්ව ඉලක්කය හඹායාම ඇරඹූහ. පන්දු 33 කින් ලකුණු 57 ක් ලබාගත් මෙම පිතිකරුවන් දෙදෙනා අතුරින් සෑම් කරන් දැවී ගියේ මතීෂ පතිරණගේ පන්දුවකිනි. ලසිත් මාලිංගගේ ඉරියව්වෙන්ම පන්දු යවන බැවින් “පුංචි මාලිංග” ලෙසින් හඳුන්වන මතීෂ පතිරණ, අයි.පී.එල්. තරගාවලියේ ජනප්‍රිය වෙමින් සිටින ක්‍රීඩකයෙකි.

ඉනිමේ අවසන් පන්දු දෙකේදී චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි ගැසූ හයේ පහර දෙක නිසා චෙපොක් ක්‍රීඩාංගණය ඝෝෂාවෙන් පිරී ගියේය. මෙම අයි.පී.එල්. තරගාවලිය දෝනිගේ අවසන් තරගාවලිය විය හැකි අතර ඔහු නායකත්වය දැරූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිව් වතාවක් අයි.පී.එල්. කුසලාන දිනා තිබේ. එබැවින් දෝනි යන යන තැන ඔහුට දැවැන්ත පිළිගැනීමක් ලැබෙයි.

 
චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 4 ට 200 යි
(රුතුරාජ් ගයික්වාඩ් 37, ඩෙවොන් කොන්වේ නොදැවී 92, ෂිවම් ඩුබේ 28, මොයින් අලී 10, රවීන්ද්‍ර ජදේජා 12, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 13, අර්ශ්දීප් සිං 37/1, සිකන්දර් රාසා 31/1)

පන්ජාබ් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 201 යි
(ප්‍රභිෂිරාම් සිං 42, ෂිකාර් ධවාන් 28, අතර්වා තයිදි 13, ලයාම් ලිවිංග්ස්ටන් 40, සෑම් කරන් 29, ජිතේෂ් ෂර්මා 21, සිකන්දර් රාසා නොදැවී 13, තුෂාර් දේශ්පාණ්ඩේ 49/3, රවීන්ද්‍ර ජදේජා 32/2)

- 213


අදහස් (0)

රාසා පන්ජාබ් පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.