Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජස්ථාන් පිල 5 වැනි ජය ලබයි
අයි.පී.එල්. 2023

රාජස්ථාන් පිල 5 වැනි ජය ලබයි

editorial - 2023 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී ඊයේ (27 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 32 ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් ක්‍රීඩකයෝ සමත් වූහ. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන රාජස්ථාන් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ 5 වැනි ජය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 203 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 170 ක් පමණි. වේගවත් පිතිහරඹයක නිරත වූ ශිවම් ඩූබේ පන්දු 33 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 52 ක් රැස්කළද, චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් එම ඉනිම ප්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 202 ක් ලබාගත්තේය. රාජස්ථාන් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් යෂස්වි ජයිස්වාල් පන්දු 43 කදී වේගවත් ලකුණු 77 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි.

මෙම තරගයේදී රාජස්ථාන් පිතිකරුවන්ගේ පහර කෑමකට ලක්වෙමින් සිය ඕවර 4 දී ප්‍රතිවාදීන්ට ලකුණු 48 ක් ලබාදුන්නද, පැයට කිලෝ මීටර් 151.4 ක වේගයකින් පන්දුවක් යැවීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සමත් විය. එය ඔහු අයි.පී.එල්. තරගයකදී යැවූ වේගවත්ම පන්දුව ලෙසද සටහන් විය.

 

රාජස්ථාන් රෝයල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 202
(යෂස්වි ජයිස්වාල් 77, ජොස් බට්ලර් 27, සංජු සැම්සන් 17, ධුරුව් ජුරෙල් 34, දෙව්දූත් පඩික්කල් නොදැවී 27, තුෂාර් දේෂ්පාණ්ඩේ 42/2)

චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 170
(රුතුරාජ් ගයික්වාද් 47, අජින්ක්‍යා රහනේ 15, ශිවම් ඩූබේ 52, මුයින් අලී 23, රවින්ද්‍ර ජදේජා නොදැවී 23, ඇඩම් සම්පා 22/3, රවිචන්ද්‍රන් අෂ්වින් 35/2)

-036


අදහස් (0)

රාජස්ථාන් පිල 5 වැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.