Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජකීයයන්ට පහසු ජයක්

රාජකීයයන්ට පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ.

කටුනේරිය සෙබස්තියන් විදුහලට එරෙහිව කොළඹදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් කඩුලූ 8 ක ජයක් අත්කරගනිමින් රාජකීය විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

රාජකීය කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 12 කට කඩුලූ 4 ක් දවාගනිමින් සෙබස්තියන් විදුහල් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට පුරෝගාමී විය.


සෙබස්තියන් විදුහල - ඕවර 30.3 කදී සියලූ දෙනා දැවී 104
(සමිත දිල්ෂාන් 30, ලසිත් ඇඹුල්දෙණිය 12/4, ගයාන් දිසානායක 13/2, මලිත් කාරියවසම් 20/2)

රාජකීය විදුහල - ඕවර 19 කදී කඩුලූ 2 ක් දැවී 107
(රොනුක ජයවර්ධන නොදැවී 45, කවිඳු මධුරසිංහ නොදැවී 39)

 


අදහස් (0)

රාජකීයයන්ට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.