Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජකීය - සා.තෝමස් තරගය කල්යන ලකුණු

රාජකීය - සා.තෝමස් තරගය කල්යන ලකුණු

editorial - 2021 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ‘ඩී.එස්.සේනානායක අනුස්මරණ කුසලාන’ වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ ‘නිල් මහ සටන’ 142 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය කල් දැමීමට සිදුවන බව අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

පසුගියදා සිදුකරන ලද පී.සි.ආර්. පරීක්‍ෂණ වලින් පසුව එක් විදුහලක ක්‍රීඩකයන් සිව්දෙනෙකුට කොරෝනා වයිරසය වැළඳී ඇති බව දැනගන්නට තිබේ. නමුත් දෙවැනි පී.සි.ආර්. පරීක්‍ෂණයත් සිදුකිරීමට නියමිතව ඇති බැවින් තරගාවලිය කල් දමනවාද නැද්ද යන්න තවමත් තීරණය කර නොමැත.

මැයි මස 6, 7 සහ 8 යන දිනයන්හිදි හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වාර්ෂික මහ ක්‍රිකට් තරගය පැවැත්වීමට නියමිතව ඇත.

- 2079

 


අදහස් (0)

රාජකීය - සා.තෝමස් තරගය කල්යන ලකුණු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.