Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රසල්ගේ මස්පිඬුවක් ඉරීයයි

රසල්ගේ මස්පිඬුවක් ඉරීයයි

editorial - 2021 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ තුන් ඉරියව් ක‍්‍රීඩක ඔන්ඩි‍්‍ර රසල්ට කළව ප‍්‍රදේශයේ 2 වැනි ශ්‍රේණියේ මස්පිඬු ඉරීයාමෙන් සිදුවූ ආබාධයක් ඇති බවත්, ඒ අනුව දිල්ලි කැපිටල්ස් පිලට එරෙහිව බදාදා පැවැත්වෙන දෙවැනි කඩයිම් තරගයට ක‍්‍රීඩා කිරීම අවිනිශ්චිත බවත් කොල්කටා නායක ඔයින් මෝගන් පවසයි. කෙසේ වෙතත් මෙම තරගයට කී‍්‍රඩා කිරීම සඳහා රසල් වෛද්‍ය කණ්ඩායම සමඟ දැඩි වෙහෙසක් ගන්නා බවත් මෝගන් කියයි.

කළව ප‍්‍රදේශයේ 2 වැනි ශ්‍රේණියේ මස්පිඬු ඉරීයාමක් සිදුව ඇති අතර එම තුවාලය සිදුවී සති කිහිපයක් ගත වෙනවා. ඔහුව නැවත ක‍්‍රීඩාංගණය වෙත යැවීම සඳහා අපේ වෛද්‍ය කණ්ඩායම් ඇදහිය නොහැකි තරම් මහන්සියක් ගන්නවා” යැයි මෝගන් තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ මුල් අදියරේදී පසුබැසීමකට ලක්ව සිටි කොල්කටා නයිට් රයිඩර්ස් පිල නැවත එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළදී ප‍්‍රබල ලෙස දස්කම් දක්වමින් කඩඉම් තරග වටය සඳහා සුදුසුකම් ලැබීය.

කෙසේ වෙතත් රසල්ගේ ආබාධය වැඩි වුවහොත් එය වඩාත් අහිතකර ලෙසින් බලපාන්නේ කොල්කටා පිලට වඩා කොදෙව් පිලටය. ඔන්ඩි‍්‍ර රසල් කොදෙව් පිලේ ඉදිරියෙන්ම සිටින තුන් ඉරියව් කී‍්‍රඩකයෙකි.

- 2079

 


අදහස් (0)

රසල්ගේ මස්පිඬුවක් ඉරීයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.