ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු මැද පෙළ පිතිකරු සහ වත්මන් විස්තර විචාරක රසල් ආනල්ඞ් මහතා ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්‍ෂකවරයා ලෙසින් පත්කර තිබේ. මෙම තරගාවලිය අගෝස්තු මස 18 වැනිදා සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවත්වෙයි.
රසල් ආනල්ඞ් මහතා මැයි මාසයේ මුල සිට තරගාවලියේ අධ්‍යක්‍ෂකවරයා වශයෙන් වැඩ බාරගැනීමට නියමිතය.
ජූලි සහ අගෝස්තු මාස වලදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගි වෙයි. ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. මේ වසරේ සිට වසර පහක කාලයක් යන තුරු ලන්කන් ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලිය මෙම කාල වකවානු වලදී පැවැත්වෙන ඇත.
මෙම තරගාවලිය සඳහා ලෝකයේ සෑම රටකින්ම ක්‍රිකට් ක්‍රීඩකයන් බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන නමුත් ඒ සඳහා ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයක තිබේ. ඊට හේතුව වන්නේ විදේශීය විස්සයි-20 තරගාවලි සඳහා ඉන්දීය ක්‍රීඩකයන්ට සහභාගි වීමට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය අවසර නොදීමයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසන්නේ දෙවැනි පෙළ ඉන්දීය ක්‍රීඩකයන් හෝ මෙම තරගාවලියට සම්බන්ධ කරගැනීමට තමන් හැකිතාක් උත්සාහ කරන බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.