Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රයිගම් පස්දුන් හටන විසඳුමකින් තොරයි

රයිගම් පස්දුන් හටන විසඳුමකින් තොරයි

සංජය එරමුදුගොඩ - 2018 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොරණ ශ්‍රී පාලී විද්‍යාලය සහ මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කංනන්ගර මධ්‍ය මහා විද්‍යාලය අතර හොරණ ශ්‍රී පාලී විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ‘රයිගම් පස්දුන් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද (6 වැනිදා) අවසන්විය.  

කාසියේ වාසිය දිනාගත් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කංනන්ගර මධ්‍ය මහා විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සදහා ශ්‍රී පාලී විද්‍යාලයට ආරාධනා කළ අතර සියලුදෙනා දැවී ලකුණු 241 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

සුරේෂ් කෞෂාන් (67) සහ දිනුක අනුපමාල් (59) අර්ධ ශතක රැස්කරමින් ශ්‍රී පාලී විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර මිශාන් මධුශංක කඩුලු 4 ක් සහ විශ්ම නයනදරන් කඩුලු 3 ක් දවාගනිමින් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කංනන්ගර මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පිළිතුරු ඉනිම ඇරඹූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කංනන්ගර මධ්‍ය මහා විද්‍යාලයට සියලුදෙනා දැවී පළමු ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 106 ක් පමණි. ලකුණු 29 ක් ලබාගත් සත්න මිහිරාන් කංනන්ගර මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වන විට දිනුක අනුපමාල් කඩුලු 4 ක්ද සඳරු චමත් සහ චමත් චමුපති කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී පාලී විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ලකුණු 135 ක් පසුපසින් සිටිමින් ඉනිමක පරාජයෙන් ගැලවීම සදහා පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි කංනන්ගර මධ්‍ය මහා විද්‍යාලය දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම සදහා කඩුලු 6 ක් දැවී ලකුණු 128 ක් රැස්කර සිටියේය.

ඉසුරු නිම්සර සහ සඳරු තනුසර කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.


ශ්‍රී පාලී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 53.4 කදී සියලුදෙනා දැවී ලකුණු 241
(සුරේෂ් කෞෂාන් 67, දිනුක අනුපමාල් 59, ඉසුරු නිමාසර 35, මිශාන් මධුශංක 35/4, විශ්ම නයනදරන් 27/3)

කංනන්ගර ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 42.5 කදී සියලුදෙනා දැවී ලකුණු 106
(සත්න මිහිරාන් 29, ලසිඳු ශෙහාන් 22, දිනුක අනුපමාල් 35/4, සඳරු චමත් 03/2, චමත් චමුපති 21/2)

කංනන්ගර ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 42.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 128
(ලසිඳු ශෙහාන් නොදැවී 20, ඉසුරු නිම්සර 30/2, සඳරු තනුසර 02/2)    

 


අදහස් (0)

රයිගම් පස්දුන් හටන විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.