Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රත්නාවලී - අනුලා මහ ක්‍රිකට් තරගය 11දා

රත්නාවලී - අනුලා මහ ක්‍රිකට් තරගය 11දා

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය සහ නුගේගොඩ අනුලා විද්‍යාලය අතර මහ ක්‍රිකට් තරගය මෙම මස 11 වැනිදා දෙවැනි වරටත් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මෙම පාසල් දෙක අතර බාලිකා ක්‍රිකට් තරගය පසුගිය වසරේ දී ආරම්භ විය.

රත්නාවලී විද්‍යාලයේ ක්‍රීඩා පරිපාලක සීතා පෙරේරා, ක්‍රිකට් භාර ආචාරිනී අනූෂා ගුණසේකර, ක්‍රිකට් පුහුණුකරු චමින්ද පෙරේරා හා කළමනාකාර අරුණ ගුණරත්න යන මහත්ම මහත්මීන්ගේ දායකත්වය මේ සඳහා හිමිව තිබේ.

මෙම ඓතිහාසික පළමු තරගය සඳහා සත්කාරකත්වය අනුලා විද්‍යාලය දුන් අතර එහි ජයග්‍රහණය අනුලා විද්‍යාලයීය කණ්ඩායමට හිමි විය.

මෙම වසරේ දී දෙවැනි වරට පැවැත්වෙන රාජිනියන්ගේ සංග්‍රාමය ක්‍රිකට් සංග්‍රාමයේ රත්නාවලී විදුහල් කණ්ඩායම් නායකත්වය පබසරා රණබාහු විසින් දරන අතර අනුලා විද්‍යාලයේ නායකත්වය දරනු ලබන්නේ හරිෂිතා මාධවී විසිනි. රත්නාවලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි හේමා ජයවර්ධන මහත්මිය හා අනුලා විද්‍යාලයේ විදුහල්පතිනි ජයනි ප්‍රිසංගිකා මහත්මිය මෙම තරගය සාර්ථක කර ගැනීම පිණිස සුවිශේෂී නායකත්වයක් ලබාදෙනු ඇත.

මෙම තරගාවලියේ සත්කාරක පාසල ලෙස කටයුතු කරනු ලබන්නේ රත්නාවලී බාලිකා විද්‍යාලයයි.

රත්නාවලී බාලිකා විදුහල් කණ්ඩායම
ඉදිරිපෙළ - වමේ සිට දකුණට
නෙත්මි ගුණරත්න, උපේක්ෂා මධුවන්ති මහත්මිය (ක්‍රීඩා පරිපාලක), හේමා ජයවර්ධන මහත්මිය (විදුහල්පතිනි), ඩිනාලි බාලසූරිය මෙනවිය (නියෝජ්‍ය විදුහල්පතිනි), පබසරා රණබාහු (කණ්ඩායම් නායිකා), චමින්ද පෙරේරා මහතා (පුහුණුකරු), පසු පෙළ (වමේ සිට) තමාෂා මධුභාෂිණී, නෙත්මි විදුෂිකා, රශ්මි සිල්වා, සඳුනි නිසංසලා, සචිනි පියුමිපුලි, නෙත්මි ගුණරත්න, අවිශ්කා ඉදුමිණී, චාන්‍යා කළුබෝවිල, අමාදි කාවින්ද්‍යා විජේසිංහ, ඉහංසා ජනින්දි, විශ්මි ගුණරත්න, අමන්දි නවෝද්‍යා, පාරමී උඩුවෙල.
රත්නාවලී කණ්ඩායම් නායිකා පබසරා රණබාහු

අනුලා විද්‍යාලයීය කණ්ඩායම
ඉදිරිපෙළ (වමේ සිට දකුණට)
සිත්මි හිරාෂා, සහන් දේශප්‍රිය මහතා (පුහුණුකරු), වත්ලා සේනාධීර මහත්මිය (ක්‍රීඩා භාර ආචාරිනී) ජයමිණී අමරතුංග මහත්මිය (නියෝජ්‍ය විදුහල්පතිනි), ජයනි ප්‍රිසංගිකා මහත්මිය (විදුහල්පතිනි) වාසනා කරුණාරත්න මහත්මිය (ක්‍රීඩා පරිපාලක), සුජීව සමරවික්‍රම මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), හර්ෂිකා මාධවී (නායිකා)
පසු පෙළ (වමේ සිට දකුණට) සමාධි නෙත්මිණි, ජනාධි අනාලි, හෂිනි ලියනගේ, අස්මිනී කාලින්දි, අමාෂා දිල්ශානි, නෙත්මි තරූෂා, ජයනි නවෝදා, හිමාෂා සෙව්වන්දි, තරිනි හිරන්‍යා, දුලංගා දිසානායක, තසුනි මධුවන්ති, ඉමාෂා නෙත්මි, සෙනුලි විලාරා
අනුලා විදුහල් කණ්ඩායම් නායිකා - හර්ෂිකා මාධවී


 


අදහස් (0)

රත්නාවලී - අනුලා මහ ක්‍රිකට් තරගය 11දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.