Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත්විය.
කුරුණෑගල මලියදේව විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති අවසන් පූර්ව තරගයේදී රත්ගම දේවපතිරාජ විද්‍යාලය එතෙක් අපරාජිතව පසුවූ කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව කඩුලු 3 ක ජයක් අත්කර ගත්තේය.
කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් නායක නිතේෂ් ජයසිංහ පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 60ක් රැස් කළ අතර, දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් නායක දියත් සංජිත තුන් ඉරියව් දස්කම් දැක්වීය. ලිනුවර සත්විදු පිත්තෙන් දස්කම් දැක්වීය.
ලබන 24 දින කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේදී පැවැත්වෙන අවසන් තරගයේදී කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය තරග වදිනු ඇත.
කොළඹ රාජකීය විද්‍යාලය - ඕවර 49 ක දී 162 යි
(නිතේෂ් ජයසිංහ 60, ආදම් රහීම්ඩීන් 25, අබිරු අමරසේකර 17, රනුද රණසිංහ 15, දියත් සංජිත 25/3, පිනිදු නෙත්සර 21/3, අදීෂ ගෞතම් 36/2)
රත්ගම දේවපතිරාජ විද්‍යාලය - ඕවර 49.5 කදී කඩුලු 7 ක් දැවී 166 යි
(ලිනුවර සත්විදු 50, දියත් සංජිත 47, නිකේෂ් ළසිඳු 18, අදීෂ ගෞතම් නොදැවී 13, ගගන් ගමගේ 17/2, හරින් මෙන්ඩිස් 28/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.