Last Update  :  2026-02-05 21:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යොවුන් ලෝක කුසලාන අවසන් තරගය හෙට

යොවුන් ලෝක කුසලාන අවසන් තරගය හෙට

editorial - 2026 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිම්බාබ්වේහි සහ නැමීබියාවේ සත්කාරකත්වය යටතේ අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන වයස 19 න් පහළ යොවුන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (6 වැනිදා) එංගලන්ත යොවුන් කණ්ඩායම සහ ඉන්දීය යොවුන් කණ්ඩායම අතර හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00 ආරම්භ වීමට නියමිතය. 

පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රභල ඕස්ටේ්‍රලියානු යොවුන් කණ්ඩායම ලකුණු 27 කින් පරාජය කරමින් එංගලන්ත යොවුන් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ඉන්දීය යොවුන් කණ්ඩායම අවසන් මහ තරගයට පිවිසියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඇෆ්ඝනිස්ථානයට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරමිනි. 

මූලික වටයේදී ‘සී’ කාණ්ඩය යටතේ තරග වැදුණු එංගලන්ත යොවුන් පිල එහිදී පාකිස්තානය, සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය පරාජය කරමින් අපරාජිතව සුපිරි 6 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවේය. සුපිරි 6 දෙනාගේ වටයේදී දෙවැනි කොටස යටතේ තරග වැදුණු ඔවුහු, බංග්ලාදේශය සහ නවසීලන්තය නවසීලන්තය පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියහ. 

‘බී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ ඉන්දීය යොවුන් පිල මූලික වටයේදී බංග්ලාදේශය, නවසීලන්තය සහ ඇමරිකාව පරාජය කරමින් අපරාජිතව සුපිරි 6 දෙනාගේ වටයට අවතීර්ණ විය. ඔවුන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ සුපිරි 6 දෙනාගේ වටයේදී සිම්බාබ්වේ සහ පාකිස්තානය පරාජයට පත්කරමිනි. 

මේ දක්වා පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලි 15 දී ඉන්දීයාව 5 වරක් (2000, 2008, 2012, 2018 සහ 2022) ශූරතාව දිනාගෙන ඇති අතර ඕස්ටේලියාව සිවුවරක් (1988, 2002, 2010 සහ 2024) ශූරතාව දිනාගෙන තිබේ. එංගලන්තය එම ශූරතාවට හිමිකම් කියා ඇත්තේ එක්වරකදී (1998) පමණි. 


-036 


අදහස් (0)

යොවුන් ලෝක කුසලාන අවසන් තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.