වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ මාස් යුනිචෙලා සහ මාස් සිලුඒටා කණ්ඩායම් අතර අද (03 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 141 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට මාස් යුනිචෙලා පිල සමත්විය. මෙම තරගය එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.
මාස් යුනිචෙලා පිල වෙනුවෙන් චාමර සිල්වා (93) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ළහිරු ජයරත්න සහ තිලකරත්න ඩිල්ෂාන් කඩුලු 4 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
තවත් තරග 3 ක් අද පැවැති අතර ඉන් ජය ගැනීමට ජෝන් කීල්ස්, කොමර්ෂල් ක්‍රෙඩිට් සහ කැන්රිච් යන කණ්ඩායම් සමත්වූහ.
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ටීජේ ලංකා පිලට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 61 ක ජයක් හිමිකර ගැනීමට ජෝන් කීල්ස් පිල සමත්වූ අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී හේලීස් පිල කඩුලු 8 කින් පරාජය කිරීමට කොමර්ෂල් ක්‍රෙඩිට් පිලත් කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ඩිමෝ පිල කඩුලු 7 කින් පරජය කිරිමට කැන්රිච් ෆිනෑන්ස් පිලත් සමත්විය.
ජෝන් කීල්ස් පිලේ රොෂේන් සිල්වා සහ භානුක රාජපක්ෂ, මාස් යුනිචෙලා පිලේ චාමර සිල්වා, කොමර්ෂල් ක්‍රෙඩිට් පිලේ චතුරංග ද සිල්වා අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ජෝන් කීල්ස් පිලේ මදුක ලියනපතිරණගේ (19/5), කොමර්ෂල් ක්‍රෙඩිට් පිලේ අෂාන් ප්‍රියංජන් (15/6) කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
යුනිචෙලා පිලට ලකුණු 141 ක ජයක්
මාස් යුනිචෙලා - ඕවර 49.4 කදී සියලුදෙනා දැවී ලකුණු 241
(චාමර සිල්වා 93, ශෙහාන් මදුශංක 45, කුසල් ජනිත් 38, බුද්ධික සංජීව 46/4, ධනංජය ලක්ෂාන් 42/2)
මාස් සිලුඒටා - ඕවර 24.1 කදී සියලුදෙනා දැවී ලකුණු 100
(දුශාන් හේමන්ත 33, ළහිරු ජයරත්න 25/4, තිලකරත්න ඩිල්ෂාන් 38/4)
ජෝන් කීල්ස් පිලට ලකුණු 61 ක ජයක් (ඩක්වත් ලුවිස්)
ජෝන් කීල්ස් - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 259
(රොෂේන් සිල්වා 64, භානුක රාජපක්ෂ 63, දිමුත් කරුණාරත්න 38, මනෙල්ක ද සිල්වා 24, කුෂාන් වීරක්කොඩි 43/3, ලක්ෂාන් සඳකැන් 66/2)
ටීජේ ලංකා - ඕවර 41 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 172
(මිනෝද් භානුක 42, සචිත්‍ර සේරසිංහ 38, සිතාර ගිම්හාන් 35, මදුක ලියනපතිරණගේ 19/5, ඉෂාන් ජයරත්න 25/2, ජෙෆ්රි වැන්ඩසේ 39/2)
කොමර්ෂල් ක්‍රෙඩිට් පිලට කඩුලු 8 ක ජයක්
හේලීස් - ඕවර 28.3 කදී සියලුදෙනා දැවී ලකුණු 96
(රොන් චන්ද්‍රගුප්ත 35, ළහිරු සමරකෝන් 24, අෂාන් ප්‍රියංජන් 15/6, සුරාජ් රංදීව් 31/2)
කොමර්ෂල් ක්‍රෙඩිට් - ඕවර 13.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 98
(චතුරංග ද සිල්වා නොදැවී 50)
කැන්රිච් ෆිනෑන්ස් පිලට කඩුලු 7 ක ජයක්
ඩිමෝ - ඕවර 33.5 කදී සියලුදෙනා දැවී ලකුණු 99
(තීක්‍ෂිල ද සිල්වා 30, හෂාන් දුමිඳු 22, අලංකාර අසංක 35/3, මුතුමුදලිගේ පුෂ්පකුමාර 01/2, රොෂාන් ලක්සිරි 15/2, උදිත් මදුශාන් 16/2)
කැන්රිච් ෆිනෑන්ස්- ඕවර 18.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 100
(පැතුම් නිස්සංක නොදැවී 37, සාරංග රාජගුරු 26)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.