Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුවර්ස් - ද්‍රවිඩ සංගම් 23 න් පහළ අවසන් මහා තරගය අද ඇරඹේ

මුවර්ස් - ද්‍රවිඩ සංගම් 23 න් පහළ අවසන් මහා තරගය අද ඇරඹේ

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් මහ තරගය මුවර්ස් ක‍්‍රීඩා සමාජය සහ ද්‍රවිඩ සංගම් ක‍්‍රීඩා සමාජය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (30) ආරම්භ වේ. තෙදින තරගයක් වන මෙම තරගය සැප්තැම්බර් 1 වැනිදා අවසන් වීමට නියමිතය.

මෙම කණ්ඩායම් දෙකම පළමු වටයේදී අපරාජිතව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම කැපී පෙනුණි. ද්‍රවිඩ සංගම් පිල පසුගිය වසරේ ද මෙම තරගාවලියේ ශූරතාව දිනාගත් අතර මුවර්ස් පිල දෙවැනි වරට අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටියි.

මුවර්ස් පිලේ ප‍්‍රබලතම පිතිකරු වන නායක ෂෙහාන් ජයසූරිය මෙවර තරගාවලියේ තරග 6 කදී ලකුණු 606 ක් රැස්කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. ශ්‍රී ලංකා ‘ඒ’ පිල නියෝජනය කරන ෂෙහාන්ගේ මෙවර තරගාවලියේ ඉහළතම ඉනිම බවට මීගමුව ක‍්‍රිකට් සමාජයට එරෙහිව රැුස්කළ ලකුණු 214 සටහන්ව තිබේ.

පිට දඟ පන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩක කෞෂල්‍ය ගජසිංහ කඩුලූ 36 ක් දවා ගනිමින් මුවර්ස් පිලේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටියි. කෞෂල්‍ය ලකුණු 323 ක් ද රැස්කර තිබේ.

ද්‍රවිඩ සංගම් පිලට යොවුන් ටෙස්ට් පිතිකරු කිත්රුවන් විතානගේ ඇතුළත්ව සිටීම විශේෂ ශක්තියක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ රොමේෂ් බුද්ධික පළමු වටයේ තරග 6 යේදී ශතක තුනක් සමගින් ලකුණු 490 ක් රැස්කරමින් ද්‍රවිඩ සංගම් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. චාමිකර එදිරිසිංහ තරග 6 යේදී කඩුලූ 31 ක් දවා ගනිමින් ද්‍රවිඩ සංගම් පිලේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටියි.

මුවර්ස් ක‍්‍රීඩා සමාජ සංචිතය:
ෂෙහාන් ජයසූරිය (නායක), පබසර වඩුගේ,  ඕෂද ප‍්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කෞෂල්‍ය ගජසිංහ, අසාද් බොර්හම්, තීක්‍ෂිල ද සිල්වා, ඉරෝෂ් සමරසූරිය, අරවින්ද පේ‍්‍රමරත්න, ඉම්රාන් රාෆි, සනිත ද මෙල්, චමත් ගුණසිංහ, රජිත චන්ද්‍රසේකර, ප‍්‍රදීප් ආනන්ද සහ චලන ද සිල්වා
පුහුණුකරු: මහේෂ් වීරසිංහ මහතා, කළමණාකරු: ෆසාල් මොහොමඞ් මහතා

ද්‍රවිඩ සංගම් ක‍්‍රීඩා සමාජ සංචිතය:
දෙනුවන් රාජකරුණා (නායක), පුලින තරංග (උප නායක), කිත්රුවන් විතානගේ, රොමේෂ් බුද්ධික, මනෝජ් සරත්චන්ද්‍ර, චාමික එදිරිසිංහ, මතීෂ පෙරේරා, රුෂාන් ජලීල්, තිනිත් මනිෂ්ක, තාරක ගමගේ, අෂේන් සිල්වා, දේවින්ද් පත්මනාදන්, ෆාබියන් ප‍්‍රනන්දු, ලියෝ ෆ‍්‍රැන්සිස්කෝ, රුවන්ත කැල්ලෙපොත, නිපුන කාරියවසම්, රජින්ද පුංචිහේවා සහ මොර්ගන් රාජ්
පුහුණුකරු: ජීවන්ත කුලතුංග මහතා, කළමණාකරු: මහේෂ් බෝපගේ මහතා


අදහස් (0)

මුවර්ස් - ද්‍රවිඩ සංගම් 23 න් පහළ අවසන් මහා තරගය අද ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.