Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුල් ඉනිමේ ජයකින් දේවානන්දය ඉදිරියට

මුල් ඉනිමේ ජයකින් දේවානන්දය ඉදිරියට

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සමත් විය.

මාතර සාන්ත තෝමස් විදුහලට එරෙහිව කරන්දෙණියේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් දේවානන්ද විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

දේවානන්ද විදුහලේ අමිඳු උදාර පළමු ඉනිමේදී ලකුණු 102 ක් සහ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 54 ක් රැුස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

 


දේවානන්ද විදුහල පළමු ඉනිම - කඩුලූ 9 ක් දැවී 266
(අමිඳු උදාර 102, චතුර මිලාන් 42, කවිඳු සොහාන් 37, සමිත මධුෂාන් 35, හෂීම් දිල්මල් 84/4, රවීන් මධුෂාන් 59/3)

සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 211  
(රවීන් මධුෂාන් 16, චරිත් චින්තක 25/4, කවිඳු රාජපක්ෂ 24/3)

දේවානන්ද විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 3 ක් දැවී 106
(අමිඳු උදාර නොදැවී 54, කවිඳු සොහාන් නොදැවී 37)

 


අදහස් (0)

මුල් ඉනිමේ ජයකින් දේවානන්දය ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.