Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මිලයන ගණනක් කොහෙද ගියේ?

මිලයන ගණනක් කොහෙද ගියේ?

යොහාන් භාසුර - 2020 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A



හමුදා නිලධාරීන් විදේශ අධිකරණවලට ඉදිරිපත් කළ නොහැකි නම් ක්‍රිකට් ක්‍රීඩකයන් ද විදේශ අධිකරණවලට ඉදිරිපත් කළ නොහැකි බව නීතිඥා ක්‍රිෂ්මාල් වර්ණකුලසූරිය මහතා පවසයි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන අවිෂ්ක ගුණවර්ධන, නුවන් සොයිසා, දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පරිගණක විශ්ලේෂකයකු ලෙස සේවය කළ සනත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් සභාව පනවා ඇති තහනම පිළිබඳව සළකා බැලීමට පත්කළ කමිටුව සමඟ පැවැති පළමු සාකච්ඡාවෙන් පසුව නීතිඥා ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා මේ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පහදමින් වර්ණකුලසූරිය මහතා මෙසේ ද පැවසීය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයි.සී.සී. එක මීට වසර දෙකකට පමණ පෙර අවිෂ්ක ගුණවර්ධන, නුවන් සොයිසා, දිල්හාර ලොකුහෙට්ටිගේ සහ සනත් ජයසුන්දර යන අයට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරලා. අපි ඒ පිළිබඳව අධිකරණයෙත්, අයි.සී.සී. බේරුම්කාර මඩුල්ලේත් අභියෝගයට ලක්කළා”

“අපි පළමුවෙන්ම කළ අභියෝගය තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ මොවුන්ව පිට රට අධිකරණයක් ඉදිරියට ගෙන යෑමට අධිකරණමය බලයක් නෑ කියලයි. මොකද ඔවුන් කථා කරන සාජාවල 2017 වසරේ පැවැති ටී-10 තරගාවලියේදී ඔවුන්ට ගිවිසුමක අයිතියක් නෑ”

“ශ්‍රී ලංකාවේ පුරවැසියකු වැරදි හෝ නිවැරදි බව තීරණ කළ යුත්තේ ශ්‍රී ලංකාවේ අධිකරණවලදී පමණයි. උදාහරණයක් ලෙස අපේ සොල්දාදුවන්ව පිට රට අධිකරණයට ගෙනියන්න බෑ කියන්නෙ ඒකයි. සොල්දාදුවන්ට එහෙමනම් ක්‍රිකට් ගහන අයටත් එහෙම වෙන්න ඕනේ”

“ඒ කරුණ මත අපි මෙම සිද්ධිය වෙච්ච කාළෙම ක්‍රීඩා අමාත්‍යංශයට ඇපෑලක් ඉදිරිපත් කරලා තිබුණා. ක්‍රීඩා පනත යටතේ එයට අවසර තියෙනවා. මෙම පුද්ගලයන්ට ඒ අයිතිය ලැබුණෙ නැති නිසා තමයි අභියාචනාධිකරණයට ගියේ”
“හිටපු ක්‍රීඩා ඇමතිවරයා අපිට ලිපියක් යොමු කරලා තිබුණා. අයි.සී.සී.ය ඒ පිළිබඳව පරීක්‍ෂණයක් කරන නිසා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා අහන්නෙ නෑ කියලා දැනුම් දුන්නා”

“අපි මේ පිළිබඳව ජනාධිපතිවරයාට ඇපෑලක් ඉදිරිපත් කළා අවම වශයෙන් මේ පිළිබඳව සොයලා බලන්න කියලා. අපේ ක්‍රීඩකයන්ට අසාධාරණයක් වෙනවා. මේ ක්‍රීඩකයො මිලියන ගණන් වියදම් කරන් ඩුබායි අබුඩාබි යන්න ඕනේ. මිලියන ගණන් වියදම් කරන් ස්විස්ටර්ලන්තෙ බේරුම් අධිකරණවලට යන්න කියනවා. ඒවා කරන්න තියා මොවුන්ගේ රැකියාව නැති වෙලා ඉන්නේ”

“ජනාධිපතිවරයාට අපි කළ ඇපෑල ගැන ක්‍රීඩා අමාත්‍යවරයාට කළ දැනුම්දීමකට අනුව එය කළකා බැලිය හැකිද යන මුලික විමසුම තමයි අද සිදුවුණේ. ඒ සඳහා කරුණු දැක්වීමට මම කල්ඉල්ලා සිටියා”

“මෙම සිද්ධීන් එකිනෙකට වෙනස්. ඒ නිසා වෙන වෙනම කරුණු දක්වනවා. ඉන් පසුව අද සාකච්ඡා කළ කමිටුව තීරණය කරයි ඉදිරියට කටයුතු කරන්නෙ කොහොමද කියලා”

“පුද්ගලයකු පරීක්‍ෂණයක් නොමැතිව සේවයෙන් පහ කිරීම පිළිබඳව අපි අධිකරණයට කරුණු දක්වලා තියෙනවා. මෙතනට එය සම්බන්ධ වුණාට එය සේවා කොන්දේසි සමඟ වෙනත් තැන තියෙන කරුණක්”

අවිෂ්ක ගුණවර්ධන සහ නුවන් සොයිසා සම්බන්ධ සිද්ධිය නිතීඥාවරයා මෙසේ පැහැදිළි කළේය.
“මෙම පුද්ගලයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරමින් සිටියදී ක්‍රිකට් ආයතනය කියන දේ කරන්න බැඳිලා ඉන්නවා. මේ අයට කියනවා අබුඩාබිවල ඉන්න ව්‍යාපාරිකයෙක් කරන තරගාවලියකට කණ්ඩායමක් අරගෙන යන්න කියලා. ඔවුන් යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමක් එක්ක නොවෙයි. ඒ යන කණ්ඩායමට අමාත්‍යවරයාගේ අනුමැතියක් නෑ. ඒ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් එතනට ගිහින් නෑ. ඒ තරගාවලිය අයි.සී.සී. අනුමත කරලත් නෑ. කොටින්ම කියනවා නම් අයි.සී.සී. වැඩකරලා තියෙන්නේ එහි පේඞ් එජන්ට් කෙනෙක් හැටියටයි. මුදල්වලට තමයි සේවය කරලා තියෙන්නේ”

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මොවුන්ව සේවයෙන් පහ කිරීමට පෙර කරුණු අහන්න තිබුණා. කොහෙද ඔයාලා ගියේ, කවුද ඔයාලට යන්න කිව්වේ කියලා අහන්න තිබුණා. අපි ළඟ සාක්‍ෂි තියෙනවා අබුඩාබිවල අල් මාද් කියන පුද්ගලයා කියනවා මිලියන ගණනක් ලංකාවට දුන්නා කියලා. ඒ මිලියන ගණන කොහොද ගියේ. ඒ ඩොලර් මිලියන ගණන මොවුන්ට දීලා නෑ. ක්‍රීඩකයන්ට දීලා නෑ. ඒ සල්ලි කොහෙද ගියේ”

“අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලලා තියෙනවා ටී10 තරගාවලියට අපේ ක්‍රීඩකයන් යවන්න එකඟතාවක් වුණේ කෙසේද?, ඒ ගිවිසුම් මොනවාද?, ඒ ගිවිසුම්වලට අත්සන් කළේ කවුද? කියලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපි මීට වසර දෙකකට පෙර ඉල්ලා තිබෙනවා නමුත් තාම ඒවා ලැබී නෑ. ඒවට උත්තරත් නෑ. කවුද එකඟතාවට ආවේ ඒ මුදල් කොහෙටද ගියේ කියලා ප්‍රශ්න තියෙනවා”

සනත් ජයසුන්දර මහතාගේ සේවය අත්හිටුවීමට තුඩුදුන් සිද්ධිය නිතීඥාවරයා මෙසේ විස්තර කළේය.  

“ජයසුන්දර මහතා හිටපු අමාත්‍යවරයාට දුරකථන පණිවුඩයකින් ‘වන් එම් ටොම් ඕකේ’ කියලා පණිවුඩයක් යැව්වා කියලා තමයි චෝදනාව තියෙන්නේ. සුදු මහත්වරු කිව්වා ලංකාව තමයි දූෂිතම රට කියලා අමාත්‍යවරයා පුවත්පත් සාකච්ඡාවකදී ඒ වට්ස්ඇප් පණිවුඩය පෙන්නවා”

“සුදු මහත්වරු කියලා නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් රැකියාවෙන් ඉවත් කරනවා. එතනන් මූලික විමර්ෂණයක් නෑ. අපිට තියෙන ප්‍රශ්ණෙත් ඕක තමයි. පිට රටින් එන සුදු මහත්වරු නෝනලා කියන කියන දේට නටන්න ද ශ්‍රී ලංකා ක්‍රිකට් තියෙන්නේ”
මෙම කමිටුවට ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසිංහ, රසික වීරතුංග සහ නිරංජන් සිල්වා යන මහත්වරු ඇතුළත් වෙති.
 
මෙම අවස්ථාවට අවිෂ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ සනත් ජයසුන්දර යන මහත්වරු සහභාගි වූ අතර දිල්හාර ලොකුහෙට්ටිගේ මහතා ඕස්ටේ්‍රලියාවේ පදිංචිව සිටියි.


ඡායාරූපය: ළහිරු හර්ෂණ

 


අදහස් (1)

මිලයන ගණනක් කොහෙද ගියේ?
  • sam Sunday, 26 July 2020 03:00 AM

    ඔය මිලියන ගණන් සල්ලි අනිවාර්යයෙන්ම ඇත්තේ බුකියාගේ හොර එකවුන්ට්වල... ලංකාවේ ක්‍රිකට් කෑවේ එයා තමයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.