අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ධර්මරාජ විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර ගොඩිගමුවේදී පැවැති I කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මැසිනොද් විදුහල සමත් විය.
එහිදී මැසිනොද් විදුහලේ රුවින් ෆොන්සේකා (81) සහ ලෙස්ටර් ඇන්තනී (68) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම තෙනුක ජයලත් ලකුණු 37 කට කඩුලු 4 ක් දවාගත්තේය.
ධර්මරාජ විදුහල - පළමු ඉනිම - ඕවර 64.4 කදී සියලු දෙනා දැවී 156
(තිසර ඒකනායක 41, දිනෙත් පෙරේරා 24, මලීෂ රාජකරුණා 23, තෙනුක ජයලත් 37/4, සමිඳු දිනෙත් 22/3)
මැසිනොද් විදුහල - පළමු ඉනිම - ඕවර 34 කදී කඩුලු 5 ක් දැවී 221
(රුවින් ෆොන්සේකා 81, ලෙස්ටර් ඇන්තනී 68, අෂේන් සිල්වා 23)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.