(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සහ බී.ආර්.සී. ක්‍රීඩා සමාජය අතර කොළඹ එන්.සී.සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ පළමු දිනය වූ ඊයේ (20 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි කෝල්ට්ස් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 325 ක් ලබා සිටියේය.
පළමු දිනය නිමාවට පත්වන විට ඇන්ජෙලෝ මැතිව්ස් හතරේ පහර 8 ක් සමග ලකුණු 88 ක්ද, සුකිත මනෝජ් හතරේ පහර 7 ක් සමග ලකුණු 44 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැසී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව කෝල්ට්ස් ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 93 කි.
ආරම්භක පිතිකරු රවිඳු රෂාන්ත ලකුණු නොළබා දැවී ගියද, සංගීත් කුරේ හතරේ පහර 4 ක් සමග ලකුණු 30 ක්ද, දිනේෂ් චන්දිමාල් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 67 ක්ද, නායක ධනංජය ලක්ෂාන් හතරේ පහර 8 ක් සමග ලකුණු 44 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
කෝල්ට්ස් පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 325
(සංගීත් කුරේ 30, දිනේෂ් චන්දිමාල් 67, ධනංජය ලක්ෂාන් 44, ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී 88, මුදිත ලක්ෂාන් 39, සුකිත මනෝජ් නොදැවී 44, යසිරු රොද්‍රිගු 94/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.