සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙදින පුහුණු තරගය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමේ නායතක්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබේ. මෙම පුහුණු තරගය මේ මස 7 සහ 8 යන දිනවල කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අවසන් වරට පැවැති බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ පළමු තරගයට පමණක් සහභාගි වූ මැතිව්ස්, සිය පෞද්ගලික හේතුවක් මත දෙවැනි සහ තෙවැනි තරගවලට සහභාගි නොවී පෙරළා දිවයිනට පැමිණියේය. ඒ අනුව නැවතත් සිය සුපුරුදු ක්‍රීඩා රටාවට අවතීර්ණ වීම සඳහා අවස්ථාවක් ලබා දීමේ අරමුණෙන් තේරීම් කමිටුව මෙම පුහුණු තරගයට මැතිව්ස් කැඳවා ඇතැයි වාර්තා වේ.
මැතිව්ස්ට අමතරව කොදෙව් තරගාවලියට සහභාගි වූ ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා සහ ධනුෂ්ක ගුණතිලකද මෙම පුහුණු තරගයට කැඳවා සිටින අතර ඔවුන් සියලු දෙනාම කොදෙව් තරගාවලියේදී ලකුණු අතරට පැමිණීමට අසමත් වූ ක්‍රීඩකයෝ වෙති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ධනංජය ද සිල්වා, කෞෂාල් සිල්වා, ධනුෂ්ක ගුණතිලක, රොෂේන් සිල්වා, මිනෝද් භානුක, අවිෂ්ක ප්‍රනාන්දු, කසුන් මධුෂංක, ලසිත් ඇඹුල්දෙණිය, විමුක්ති පෙරේරා සහ අසිත ප්‍රනාන්දු
අතිරේක ක්‍රීඩකයෝ
අෂේන් බණ්ඩාර, විකුම් සංජය සහ වනිඳු හසරංග
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.