Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැකෝයි ඉන්දියාව මට්ටු කරයි

මැකෝයි ඉන්දියාව මට්ටු කරයි

editorial - 2022 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලකුණු 17 කට කඩුලු 6 ක් දවාගනිමින් ඔබේ මැකෝයි කළ වාර්තාගත පන්දු යැවීම හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 5 ක ජයක් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වෝ සමත් වූහ. සඳුදා (01 වැනිදා) ශාන්ත කිට්ස්හිදී පැවැති මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් කොදෙව්වෝ 1-1 ක් ලෙසින් විස්සයි-20 තරගාවලිය තාවකාලිකව සමකර ගත්හ.
 
ඉන්දියාව සහ කොදෙව් පිල අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය තරග 5 කින් සමන්විත වූවකි. එහි පළමු තරගයේදී ඉන්දියානුවෝ ලකුණු 68 කින් ජයගත්හ.

පළමු තරගය ජයගත් නමුත් සඳුදා තරගයේදී ඉන්දියානුවෝ, වමතින් වේග පන්දු යවන ඔබේ මැකෝයිගේ පන්දු යැවීම හමුවේ, නියමිත ඕවර සංඛ්‍යාවට පන්දු 2 ක් ඉතිරිව තිබියදී ලකුණු 138 කට දැවී ගියහ.

සිය පළමු පන්දුවේදීම රෝහිත් ෂර්මා දවාගත් මැකෝයි සිය ඕවර 4 නිමාකළේ අවසන් පන්දුවේදී බුවනේෂ්වර් කුමාර් දවාගනිමිනි. මැකෝයිගේ පන්දු යැවීම කොදෙව් පන්දු යවන්නකු විසින් විස්සයි-20 තරගයකදී කරන ලද හොඳම පන්දු යැවීමයි.

ලකුණු 139 ක ඉලක්කය කරා යාමේදී කොදෙව් ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් කිං (68) හොඳ ආරම්භයක් ලබාගත් නමුත් ලකුණු 53 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ වැටීම නිසා කොදෙව්වෝ තරමක් සසළ වූහ. එහෙත් හයේ පහර දෙකක් සහ හතරෙ පහරක් සමගින් පන්දු 19 කින් ලකුණු 31 ක් ලබාගත් ඩෙවොන් තෝමස් කොදෙව් පිල ජය ටැඹ කරා කැඳවාගෙන ගියේය.


ඉන්දියාව - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 138 යි
(සූර්යකුමාර් යාදව් 11, ශ්‍රෙයාස් අයියර් 10, රිෂාබ් පාන්ත් 24, හර්දික් පාණ්ඩ්‍යා 31, රවීන්ද්‍ර ජදේජා 27, රවිචන්ද්‍රන් අශ්වින් 10, ඔබේ මැකෝයි 17/6)

බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 19.2 කදී කඩුලු 5 ක් දැවී 141
(බ්‍රෙන්ඩන් කිං 68, නිකලස් පූරන් 14, ඩෙවොන් තෝමස් නොදැවී 31)

- 213

 


අදහස් (0)

මැකෝයි ඉන්දියාව මට්ටු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.