Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලබන මාසයේදී පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා වන සංචිතයට නායක ලසිත් මාලිංග ඇතුළත් කර නැත. මෙම සංචිතය මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැතත්, ලසිත් මාලිංග එහි නැති බව පිළිගත හැකි කරුණකි.
පසුගිය වසරේ මාර්තු මාසයේදී (මාස 10 කට කලින්) බටහිර ඉන්දිය කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලියට පසුව කිසිදු දේශීය තරගයකටවත් සහභාගිවී නොමැත. මේ වන විට ටෙස්ට් සහ එක්දින අන්තර්ජාතික තරග වලින් සමුගෙන සිටින මාලිංග අඩුතරමේ පසුගිය සැප්තැම්බර් සිට නොවැම්බර් මාසය දක්වා පැවැති අයි.පී.එල්. තරගාවලියට හෝ නොවැම්බර් - දෙසැම්බර් මාස වලදී පැවැති එල්.පී.එල්. තරගාවලියට හෝ සහභාගි නොවීය.
මේ වනවිට 38 වැනි වියට පා තබා ඇති මාලිංග සිය පියාගේ අසනීප තත්වය නිසා ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියෙන් ඉවත් විය. පසුව පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ගාල්ල ග්ලැඩියේටර්ස් පිලේ සුවිශේෂී ක්‍රීඩකයා ලෙස තෝරාගෙන සිටියද බොහෝ කලකින් පුහුණුවීම් කටයුතු වල නිරත නොවූ බැවින් තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි බව පවසමින් ඔහු අවසන් මොහොතේදී එල්.පී.එල්. තරගාවලියෙන්ද ඉවත්විය.
2021 වසරේ අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියට කලින් නිදහස් කිරීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයන් නිදහස් කළ යුතු හෙයින් වසර 12 ක කාලයක් මුම්බායි ඉන්දියන්ස් පිලේ ස්ථීර ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩාකළ ලසිත් මාලිංගවද නිදහසු කරනු ලැබීය. ඒ සමගින්ම පෞද්ගලික හිමිකම් ඇති කණ්ඩායම් ක්‍රිකට් ලීග වලින් ඉවත්වන බව මාලිංග නිවේදනය කළේය.
“මාලිංග ක්‍රීඩා කරනවා හෝ අඩුම තරමේ පුහුණු සැසියකටවත් එක් වෙනවා අපි කාලෙකින් දැකලා නෑ. ජාත්‍යන්තර පිටියෙන් ඉවත්වෙනවාද නැද්ද කියලවත් අපි දන්නේ නෑ. අවම වශයෙන් ඔහු ජාතික කණ්ඩායම සමගින් පුහුණු සැසි වලට එක්වෙලා තිබ්බනම් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට එක්කර ගන්න තිබ්බා. නමුත් ඔහු ඒ කිසිම දේකට සම්බන්ධවෙලා නැති නිසා ඔහුව මෙම සංචාරයට එක්කර ගන්න බෑ” යැයි තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් මහතා පවසා තිබේ.
සහභාගිවූ අවසන් විස්සයි20 තරග 10 තුලදී කඩුලු 10 ක් පමණක් මාලිංග දවාගෙන ඇති අතර ඊට නවසීලන්තයට එරෙහිව පලේලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී දවාගත් කඩුලු 5 ද ඇතුළත් වෙයි. නවසීලන්තයට එරෙහිව පැවැති එම තරගයේදී පිට පිට පන්දු 4 කදී කඩුලු 4 ක් දවාගනිමින් වාර්තා පොත් අතරට යෑමට මාලංග සමත්විය. එහෙත් එම තරග 10 න් තරග 5 කදීම ඔහුට කඩුලු දවාගැනිමට අවස්ථාවක් හිමිනොවීය.
ලසිත් මාලිංග විස්සයි-20 කණ්ඩායමේ නායකයා වූයේ 2014 වසරේ ලෝක කුසලාන තරගාවලියේදීය. එම තරගාවලියේ නායකයාව සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු අතර නොසිටීම හේතුවෙන් ලසිත් මාලිංග නායකත්වයට පත්කරන ලදි. එතැන් සිට විස්සයි-20 අන්තර්ජාතික තරග 24 කට නායකත්වය ලබාදී ඇති මාලිංග තරග 7 කදී ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා කැඳවාගෙන ගොස් ඇතත් ඔහුගේ නායකත්වය යටතේ තරග 15 ක් පරාජයට පත්වී ඇත. එක් තරගයක ලකුණු සමවී ඇති අතර තවත් තරගයක් විසදුමකින් තොරව අවසන්වී ඇත.
නායකයකු ලෙසින් ජයග්‍රහණ ප්‍රතිශතය 32.60% ක් වශයෙන් රැඳවාගෙන ඇති මාලිංග, තවත් හිටපු නායකයකු වන තිසර පෙරේරා (ජයග්‍රහණ ප්‍රතිශතය 0.00%) හැරුණු විට අඩුම ජයග්‍රහණ ප්‍රතිශතය හිමි විස්සයි-20 නායකයා වන්නේය.
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට ලසිත් මාලිංග එක්කර නොගැනීමත් සමගින් ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට පුරප්පාඩුවක් ඇති වන අතර හිස්වන එම ධූරය සඳහා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම නම් යෝජනාවී තිබේ. එහෙත් යෝජනාවී ඇති නම් අතර දසුන් ශානකගේ නම ඉදිරියෙන්ම තිබේ.
පාකිස්තානු පිලට එරෙහිව 2019 දී පාකිස්තානයේදී පැවැති විස්සයි-20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගනිමින් නායකත්වයට තමන්ද සුදුස්සෙක් බව මින් පෙර දසුන් ශානක ඔප්පුකර ඇති බැවින් ඔහුට නායකත්වය දීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවී ඇති බව දැනගන්නට තිබේ. තිසර පෙරේරාගේ නමත් නායකත්වය සඳහා යෝජනාවී තිබුණද සමාජ මාධ්‍ය භාවිතයේදී ඔහු හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ දෝෂදර්ශනයට ලක්වී ඇත. තිසර පෙරේරා නායකත්වය ලබාදුන් විස්සයි-20 අන්තර්ජාතික තරග 9 ද පරාජයට පත්වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.