Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාලිංගගේ වෑයම අපතේ යයි

මාලිංගගේ වෑයම අපතේ යයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොන්ට්‍රීල් ටයිගර්ස් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග වැන්කවර් නයිට්ස් කණ්ඩායමට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරත වුවද, පිතිකරුවන් සුපුරුදු රිද්මයට නොපැමිණීම නිසා දෙවන තරගයද ලකුණු 18 කින් පරාජයට පත්වීමට ඊයේ (2) සිදුවිය. මෙම තරගය කැනඩාවේ  මැපල් ලීෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

ලකුණු 167 ක ඉලක්කය හඹායාමට පිටියට පිවිසි මොන්ට්‍රීල් ටයිගර්ස් කණ්ඩායමට ඕවර 19.4 කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 148ක් පමණි. මොන්ට්‍රීල් ටයිගර්ස් කණ්ඩායමේ මෝසස් හෙන්රික්ස් (ලකුණු 40) සහ ජෝජ් වෝකර්(ලකුණු 43)  හැරෙන්නට සෙසු සෑම ක්‍රීඩකයෙකුටම ලකුණු 20 සීමාව පසුකර යාමට හැකියාවක් නොලැබුණි. දක්ෂ පන්දු යැවීමක නිරතවූ වැන්කවර් කණ්ඩායමේ ටිම් සවුති ලකුණු 20කට කඩුලු 3ක් සහ සාද් බින් සෆාර් ලකුණු 21 කට කඩුලු 3ක් බැගින් බිඳහෙලූහ.

කාසියේ වාසිය දිනූ මොන්ට්‍රීල් ටයිගර්ස් කණ්ඩායමේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහර දුන් වැන්කවර් නයිට්ස් කණ්ඩායම ඕවර් 20 අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී ලකුණු 166 ක් රැස් කිරීමට සමත් විය.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නායක ක්‍රිස් ගේල් ලකුණු 4 ක් සහ එවින් ලෙවිස් ලකුණු 16ක් ලබා සිටියදී,  පිටියෙන් ඉවත් කිරීමට මොන්ට්‍රීල් ටයිගර්ස් පන්දු යවන්නෝ සමත් වූහ.

සිව්වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි රසී වැන්ඩර් ඩුසේන් පන්දු 56කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 83 ක් රැස් කරමින් වැන්කවර් නයිට්ස් කණ්ඩායමේ ජයග්‍රහණයට මුලපිරීය.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ මාලිංග තමන්ගේම උපරිම දායකත්වය කණ්ඩායම ලබා දෙමින් ඕවර 4 අවසානයේ  ලකුණු 41 කට කඩුලු 3ක් බිඳහෙළීය. මාලිංගට මනා සහයක් ලබාදුන් පීටර් සිඞ්ල් ලකුණු 28 කට කඩුලු 2 ක් දවා ගත්තේය.


- 024

 


අදහස් (0)

මාලිංගගේ වෑයම අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.