Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාරිස්ටෙලා - ජනාධිපති අවසන් මහ තරගය අද - හෙට
19 න් පහළ ක්‍රිකට්

මාරිස්ටෙලා - ජනාධිපති අවසන් මහ තරගය අද - හෙට

editorial - 2024 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ II වැනි ශ්‍රේණියේ ‘බී’ තලයේ තරගාවලියේ අවසන් මහ තරගය අද සහ හෙට (17 සහ 18) පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය පිටියේදී පැවැත්වෙයි. තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටිති. 

‘වයි’ කාණ්ඩයේ ශූරයන් වෙමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් මාරිස්ටෙලා විද්‍යාලය එහිදී ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව වටයට පැමිණියේය. ‘එක්ස්’ කාණ්ඩයේ අනුශූරයන් වෙමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි කෝට්ටේ ජනාධිපති විදුහල් ක්‍රීඩකයෝ මාතලේ ශාන්ත තෝමස් විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියේය. 

අවසන් මහ තරගයේදී යොහාන් ප්‍රනාන්දු විසින් මාරිස්ටෙලා විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර ඉෂාර අම්බලන්ගොඩගේ විසින් කෝට්ටේ ජනාධිපති විදුහල් පිල මෙහෙයවනු ලබයි. 

- 213


අදහස් (0)

මාරිස්ටෙලා - ජනාධිපති අවසන් මහ තරගය අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.