Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාරිස්ටෙලා පරදා ජෝශප් වාස් ජය ගනී

මාරිස්ටෙලා පරදා ජෝශප් වාස් ජය ගනී

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර පැවැති තරගයෙන් ලකුණු 32 ක ජයක් වාර්තා කිරීමට ජෝශප් වාස් විදුහල සමත්විය.

ලකුණු 218 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය මාරිස්ටෙලා විදුහලට සියලූ දෙනා දැවී රැුස්කරගත හැකිවූයේ ලකුණු 186 ක් පමණි. මාරිස්ටෙලා ඉනිම සුනුවිසුණු කළ ජෝශප් වාස් විදුහලේ අවිෂ්ක ප‍්‍රනාන්දු ලකුණු 37 කට කඩුලූ 6 ක් දවාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ජෝශප් වාස් විදුහල  ඕවර 49.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 218 ක් ලබාගත් අතර ෂෙහාර රණතුංග ලකුණු 57 ක් රැස්කරමින් ජෝශප් වාස් ඉනිම ශක්තිමත් කළේය.

ජෝශප් වාස් විදුහල ඕවර 49.2 කදී සියලූ දෙනා දැවී 218
(ෂෙහාර රණතුංග 57, අශාන් ඉන්ද්‍රජිත් 27, ප‍්‍රවීන් දිලංක 23, අසිත ගිහාන් 22, නිවේන් වික‍්‍රමරත්න 20, ඩිලාන් ගමගේ 45/4, සවිඳු කොළඹගේ 40/4, සංක පූර්ණ 27/2)

මාරිස්ටෙලා විදුහල ඕවර 42 කදී සියලූ දෙනා දැවී 186
(කි‍්‍රෂාන් පීටර්ස් 64, සචින්ද්‍ර ගමාධිකාරි 47, අවිෂ්ක ප‍්‍රනාන්දු 37/6)

036


අදහස් (0)

මාරිස්ටෙලා පරදා ජෝශප් වාස් ජය ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.